මම කිසිම රගපෑමකදී මේකප් දාන්න දෙන්නෙ නෑ..මට මේකප් දැම්මාම එම්බාම් කරල වගේ..මම රගපාන්නේ මගෙ වයසට හරියන චරිත.. දෙනවක හාමිනේ අපෙන් සමුගෙන ගොස් 23 වසරක් සම්පූර්ණ වෙයි..

මම කිසිම රගපෑමකදී මේකප් දාන්න දෙන්නෙ නෑ..මට මේකප් දැම්මාම එම්බාම් කරල වගේ..මම රගපාන්නේ මගෙ වයසට හරියන චරිත.. දෙනවක හාමිනේ අපෙන් සමුගෙන ගොස් 23 වසරක් සම්පූර්ණ වෙයි..

“මම කිසිම රඟපෑමකදී මේකප් දාන්න දෙන්නෙ නෑ. මට මේකප් දැම්මම එම්බාම් කරල වගේ. මම රඟපාන්නෙ මගෙ වයසට හරියන චරිත. ඉතින් අමුතුවෙන් වෙස් ගැන්නුවම හරිම අස්වාභාවිකයි….”
ඉහත කතාව උපුටාගන්නෙ, රොඩ්නි විදානපතිරණ ලියූ පුවත්පත් සටහනකින්.
ඔහොම කියන්නෙ, ‘දෙනවක හාමිනේ’ මැයෙන් රටක් ආදරය කළ සම්මානනීය රංගන ශිල්පිනිය.
ඇය අපෙන් සමුගෙන අදට වසර 23ක් (2002 දෙසැම්බර් 9)
ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිශේෂී චරිත රැසක් නිරූපණය කළ ඇගේ මුල් නම ‘දෝන ජෝර්ජියානා මෙරායා ගුණතිලක’
ඇය රංගනයට අවතීර්ණ වන්නේ අවුරුදු 22දී, ‘චර්කා’ නම් වේදිකා නාට්‍යයෙන්.
නමුදු ඇය රංගනයෙන් දුරස් වෙමින් ගුරු භූමිකාවට සමීප වූ අතර අහඹු ලෙස ඇය නැවත සිනමාව හරහා රංගනයට එක්වනුයේ වයස අවුරුදු 60 ඉක්මවූ පසුවයි.
ජී. ඩී. එල්. පෙරේරාගේ “සාමා” සහ “කඳුළු” යන නාට්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වේදිකාවකට නැවත එක්වූ ඇය, වේදිකාවේ හාමිනේ ලෙස එකල ප්‍රකට විය.
පසුව සිය ගම වූ දෙනවක නාමයත් සමග ‘දෙනවක හාමිනේ’ නමින් ඇය වඩ වඩාත් ජනාදරයට පත්විය.
ඇයට දෙනවක හාමිනේ මැයෙන් නම දැම්මේ ඉතා දක්ෂ කැමරා ශිල්පියෙක් වූ රැලෙක්ස් රණසිංහ, එනම් ටෝනි රණසිංහගේ අයියා බවත් කියවේ.
ජී. ඩී. එල්. පෙරේරාගේ ම ‘සාමා’ චිත්‍රපටයේ නොන්නි හාමි ලෙස සිනමාවට අවතීර්ණ වූ ඇය ”දෑස නිසා”, “සත් සමුදුර”, “මිහිදුම් සිහින”, “අරුණට පෙර”, “කොළඹ සන්නිය”, “දෙවැනි ගමන”, “මාතර ආච්චි”, “පොඩි මල්ලි”, “හන්තානේ කතාව”, “දහසක් සිතුවිලි”, තුංමං හන්දිය”, “මී හරකා” වැනි චිත්‍රපට රැසක ම මනබඳන චරිත රඟපෑ ඇය අවසන් වරට චරිත නිරූපණය කළේ “‘චන්න කින්නරී” චිත්‍රපටයේ ය.
මෙරට දී ජනාධිපති, සරසවිය, සුමති, OCIC වැනි සම්මාන ගණනාවකින් පිදුම් ලත් ඇය ලෝක පූජිත සිනමාවේදියෙකු ලෙස ප්‍රකට ස්ටීවන් ස්පීල්බර්ග් ගෙ ‘Indiana Jones & The Temple of Doom’ නැමැති චිත්‍රපටයේ ද රංගනය කරමින් Hollywood සිනමාවේ ද සිය රැඟුම් ප්‍රකට කළ සුවිශේෂී රංගන ශිල්පිනියකි.
එමෙන්ම “ළාහිරු දහසක්”, “කඩඉම”, “සිරිපාලගේ සිහිනය”, “පහන් තරුව”, “හත්පණ” වැනි ටෙලිනාට්‍ය රැසකට ද ඇය රංගනයෙන් දායක විය.
තොරතුරු සහ ඡායාරූප : Dayan Witharana ෆේස්බුක් පිටුවෙන්

Local Gossip