Home දේශිය පුවත් “මට ලොකු හීන නැහැ.. මට ඕන වෙලාවට පාසලට ගිහින් මගේ දරුවන්ට හොඳ...

“මට ලොකු හීන නැහැ.. මට ඕන වෙලාවට පාසලට ගිහින් මගේ දරුවන්ට හොඳ ආදර්ශයක් වෙන්න විතරයි.” ලෝකයේම අවධානය දිනාගත් සැබෑ වීරයෙකුගේ කතාව.

0
235
ලෝකයේ ඕනෑම රටක ගුරුවරුන් පාසල් යන්නේ බස් රථයෙන්, දුම්රියෙන් හෝ තමන්ගේම වාහනයකිනි. 


නමුත් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වන මෙම පුවත මුළු මහත් ගුරු පරපුරටම අලුත් පාඩමක් කියා දී තිබේ. ඔහු නමින් අබ්දුල් මලික් ය. මුළු කේරළයම ඔහු හඳුන්වන්නේ “ටියුබ් මාස්ටර්” යන ගෞරව නාමයෙනි.

අබ්දුල් මලික් මහතා 1994 වසරේ සිට අද දක්වාම තම පාසලට යාමට තෝරාගෙන ඇත්තේ ගොඩබිම් මාර්ගය නොවේ. ඔහු දිනපතා කඩලුන්ඩි නදිය පීනමින් තරණය කර තම පාසලට පැමිණෙයි.

බස් රථයෙන් ගියොත් කිලෝමීටර් 12ක දුරක් ගෙවා යාමට පැය 3කට වඩා වැඩි කාලයක් ගත වේ. ගඟ හරහා ගියොත් රබර් ටියුබයක සහායෙන් විනාඩි 15ත් 30ත් අතර කාලයකදී පාසලට යා හැකිය.

තම පොත්පත් සහ ඇඳුම් කට්ටලය ප්ලාස්ටික් බෑගයක දමා හිස මත තබා ගන්නා ඔහු, සැඩ පහර, සර්පයින් සහ අපද්‍රව්‍ය පිරුණු ගඟ මැදින් දිනපතාම තම “විජයග්‍රහණය” සනිටුහන් කරයි.

“මට ලොකු හීන නැහැ.. මට ඕන වෙලාවට පාසලට ගිහින් මගේ දරුවන්ට හොඳ ආදර්ශයක් වෙන්න විතරයි.” – අබ්දුල් මලික් පවසයි.

පසුගිය වසර 20ක කාලය පුරාම ඔහු එකදු දිනක්වත් පාසලට ප්‍රමාද වී නොමැති වීම විශේෂත්වයකි. ඔහු හුදෙක් ගුරුවරයෙකු පමණක් නොව, ගඟ පිරිසිදු කරන පරිසරවේදියෙකු සහ දරුවන්ට නොමිලේ පිහිනීමට උගන්වන පුහුණුකරුවෙකු ද වේ.

තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දිනපතා මරණය පෙනි පෙනී ගඟක් තරණය කරන මේ “ටියුබ් මාස්ටර්” අද වන විට මුළු ලෝකයේම අවධානය දිනාගත් සැබෑ වීරයෙකු බවට පත්ව සිටී.

අන්තර්ගතය – සමාජ මාධ්‍ය ඇසුරෙන්
Previous articleඔබත් දරුවාට කිරිපිටි දෙනවනම් අනිවාර්යයෙන් කියවන්න..
Next articleපෙට‍්‍රල් 5000ට ගියත් අපි මාලිමාවට..! – රාජාංගනේ හිමි
error: Content is protected !!
Verified by MonsterInsights