පහුගිය දවස් , පහුගිය කාලය මට මගේ ජිව්තේ ගොඩක් දේවල් දීපු , වට්නාකම් එකතු කරපු , එකතු වුනු කාලයක්. අහිමි වීම්, නැති විම් හමුවේ හිමි විම් , ඇති විම් සිදු වුනා. ඒක තමයී ලෝක ස්වාභාවය. මන් නිතර උත්සහා කරන්නේ හිනා වෙලා සතුට්න් ඉන්න. ඒක හොඳින්ම දන්නේ මාව ළගින්ම ඇසුරු කරන අය. මට ඕනි මගේ හැගීම , දැනිම කෙසේවෙතත් මගේ සමිපතමයාව ඉතා හොඳ මානසිකත්වයක තියන්න.. ඒක මගේ පොඩ් කාලේ ඉදන්ම පුරුදු වෙච්චී දෙයක්. මට මතකයී ඉස්සර ඉස්කෝලේ පන්තියේ දී මන් ඉස්සරහට ගිහින් කොස්සක් , ඉදලක් අරන් සිංදු කියනවා, නටනවා. ගායකයෝ , නළුවන් අනුකරණය කරනවා. එහෙම කරේ අනිත් අයව සතුට්න් තියන්න ඕනි නිසා. සමහර වේලාවට ඔක්කොම වටකරගෙන හිනා යන කතාවක් කියනවා. ඒ මගේ හැට්. මන් හරි අකැමති මට ළඟ මිනිසුන්ට කරදරයක් , කනගාටුවක් වෙනවට. එයාලා සතුට්න් නම් මන් ඉතා සතුට්න්. ඒක මගේ ළඟම set එක දන්නවා. ඉතින් ඒ වගේ අනෙකාව සතුට්න් තියන event එකකට ඊයේ මාත් ගියා.
ගිය දවස් ට්කේ කොන්දේ ප්‍රශ්නයක් ඇව්ත් තිබුනා. ඒවට ප්‍රතිකාර කරා. දැන් නම් හරි. ඉතින් පහුගිය වකවානුව මන් ඉතා විවේකීව ගතකරා කිවොත් මන් නිවැරදී. කොන්දේ ගැටලුවත් එක්ක සහභාගි වෙන්න තිබුණු event කිහිපයක්ම මඟහරින්න සිද්ධ වුනා. ඇවිද ගැනිමේ අපහසුව නිසා. කෙසෙවෙතත් ඊයේ කසුන් මහේන්ද්‍ර අයියගේ නවකථාව ජනසතු කිරිමේ හැදෑවට මමත් ගියා. ඒක සුන්දරවුත්, මිහිරිවුත් හැන්දෑවක්. මන් ඒක හරි ආසාවෙන් වින්දා…. සජිත අනුත්තර (සරා) අයියගේ කතාවත් එක්ක පොත කියවන්න තිබුණු ආසාව, කැමැත්ත තීව්‍ර වුනා. හරිනේ දැන් පොතකියවලා ඉවර කරන්න ඔන්න මෙන්න.
මන් දැක්ක ලස්සන දෙයක් තිබුනා.. ඒ මාධවී අක්කගේ හිනාව. එයා හරි ලස්සනට ෆැමිලි ලයිෆ් එක අරන් යනවා. කොලු පැට්යා හරිම හුරතල්, ආදරණීයයී, ආකර්ෂණීයයී. ආහ් කියන්න බැරි වුනා නේ. කසුන් අයියා පොත ලීවා.. අක්කා චිත්‍ර ඇන්දා. ඒක මාර සුසංයෝගයක්.
“ආදරේ ඇඹුල් නෑ කෙල්ලේ, හරි ආදරේ පැණි රහයී” කසුන් අයියා එහෙමයී නවකථාවේ ලියලා තිබුනේ. මෙතෙක් ඔබ කියවු නවකතාවකින් වෙනස්වුත්, වෙනත් නවකථාවක් තමයී “මුද්දරස්පලං” කියන්නේ. අරන් කියවන්න. ඔයාගේ ආදරණීය හිතවතාට අරන් දෙන්න. පාඩුවක් වෙන්නෑ. ඒ තරම් රහයී.
තව දෙයක් කියන්න තියනවා…මේ පින්තූර අතරේ තියනවා නේද මාධවී අක්කා එයාගේ පුතු පැට්යා එක්ක ඉන්න ෆොටෝ එක. ඒක මාව සමිපූර්ණයෙක් වෙනස් කරා. මන් ඒ පින්තූරයට මාර ආසයී, ආදරෙයි. මම නැති කරන් හිටපු සිතුවිලක් ඒ පින්තුරය නිසා නැවත මාව අවදී කරා. මේ පොතේ ඉන්න ක්‍රිස්ට් අයියාගේ දැක්කමට අනුව “සතුට තියෙන්නේ හරිම පුංච් දේවල්වල” හැබැයී එකේ වට්නාකම ඉතා අගනේය..
‘සීනීමුරැක්කුවට’ වඩා “මුද්දරස්පලං” හරි රහයී.💗
Kasun Mahendra Heenatigala ‘කොච්චි සැර නසන පෙම් රස’ තමයී මුද්දරස්පලං! Madhavee Anthony