Home දේශිය පුවත් ඒ තරුණයා කරපු දේ ගැන කිසිම වෛරයක් නෑ මගෙ හිතේ, මං වෙනුවෙන්...

ඒ තරුණයා කරපු දේ ගැන කිසිම වෛරයක් නෑ මගෙ හිතේ, මං වෙනුවෙන් වචනයක් හරි කතා කරපු හැමෝටම ස්තූතියි ”ඒ මොහොතේ ඔහුගේ ඉවසීම සහ විනය ඔහුගේම වචනයෙන් කියන සංවේදී කතාව මෙන්න..

0
545

“මහත්තයො මම අවු 22ක් හමුදාවෙ ක්‍රියාන්විත රාජකාරි කරලා විශ්‍රාම ගිහින් ඉන්න විශ්‍රාමික නිළධාරියෙක්. මගේ රාජකාරී ජීවිතය තුළ වැඩිහරියක් කටයුතු කළේ , සෙබළුන් පුහුණු කරන, පුහුණු නිළධාරියෙක් විදියට. මම ආයුධ වගේම ඉවසීමත් උපරිමයෙන් ප්‍රගුණ කරපු පුද්ගලයෙක්.

මටත් ඒ මට පහ රදීපු තරුණයගෙම වයස් වල ගෑණු දරුවො ඉන්නවා. මට ඒ වෙලාවෙ මතක් උනේ මගෙ දරුවො ගැන. ඒ නිසා ඒ මට ග හපු පාර විඳ දරාගෙන ඒ මොහොතෙ මම ඉවසුවා .
ඔයිට වඩා කොච්චර නම් පාරවල් ක්‍රියාන්විතයේදී ඉවසලා තියෙනවද.

පස්සෙ මම ගිහින් රෝ හල් ගතවුනා.
මූ ණට මැ හුම් හතක් දැම්මා. ඇත්තටම පස්සෙ හිතට ලොකු කණගාටුවකුත් ආවා, මේ වගේ තරුණ පරම්පරාවක් අපේ රටේ හදන්නද, අපේ මුළු තරුණ අවදියම ජීවිත පරිත්‍යාගයෙන් කැප කළේ කියලා.

මේ සිද්ධිය උනේ පහුගිය මාර්තු 17 දා, මම බඩු වගයක් ගන්න කඩේට ගිහින් එන අතරමගදි. සමහරු ඒ වීඩියෝ පටයට අනුව මම අත් දිගු කරන එක වැරදි විදියට අර්ථකථනය කරලා තිබුණා, මම ඒ අත් දිගුකරලා පෙන්නන්නෙ එතන මංසන්ධියේ තියෙන කැමරා දිහා බලන්න කියලා. කවුද වැරැද්ද කරේ කියලා.

කොහොම උනත් මට මේ දේවල් දිගට ඇදගෙන යන්න අවශ්‍යය නෑ.
මගේ හිතේ ඒ තරුණයා ගැන වෛරයකුත් නෑ.
පස්සෙ වීඩියෝව දැක්කම ඔහුගේ හැසිරීම් අනුව මට පුද්ගලිකව හිතුනා, ඒ මොහොතෙ ඒ තරුණයා ප්‍රකෘති සිහියෙන් නෙමෙයි හිටියෙ කියලා. කොහොම උනත් ඔහු ප්‍රකෘති සිහියට ආවට පස්සෙ හරි, තමන්ගෙ තාත්තා වගේ පුද්ගලයෙකුට සිදුකරපු මේ අමා නුෂික ක්‍රියාව සම්බන්ධයෙන් අවංකව පසුතැවිලි උනොත් ඇති.

ඒ වගේම මේ සිදුවීම හරහා සමාජයටත් ලොකු පණිවිඩයක් ගිහින් තියෙනවා, ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා, මිනිස්සු අසාධාරණය වෙනුවෙන් මේ විදියට එකතුවීම ගැන. එහෙම මිනිස්සු එකතු නොවුනා නම් / මහත්තයා පැමිණිල්ලක් නොදැම්මා නම් බොහෝ දුරට පොලීසිය ක්‍රියාත්මක නොවෙන්නත් තිබුණා.
මම වෙනුවෙන් වචනයකින් හරි පෙනීසිටපු ,
කතා කරපු සියළු දෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. ආයෙ සමාජයේ මෙහෙම දේවල් නොවෙන්න මේ ඉදිරිපත් වීම ලොකු පිටිවහලක් කියලා මම විශ්වාස කරනවා.

* ශෙහාන් මාලක ගමගේ මුහුණුපොතේ සටහනක් *

Previous articleඔහු කවුද..? තමන්ගේ දිවි පරදුවට තබා සරසවි සිසුවිය බේරාගත් ඒ වීරයෙකු ගැන ඇසෙන කතාවක් මෙන්න..
Next articleලොවක් ආදරේ කරන හින්දි සිනමාවේ අ.ස.භ්‍යම ගීතය බලලා තියෙනවද ? මෙන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියක්…
error: Content is protected !!
Verified by MonsterInsights