Home දේශිය පුවත් ” දියණියකගේ අගය මා හොඳින් දනිමි ” ලෝක රූ රැජින තරගාවලියේ අවසන්...

” දියණියකගේ අගය මා හොඳින් දනිමි ” ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගයට ගිය අනුදිට හිටපු ජනපති මහින්ද සුබපැතුම් එක්කල හැටි මෙන්න

0
51

”ලෝකයම පුදුමයට පත්කළ ලෝක උරුමයක් ලෙස සැලකෙන අනුරාධපුරයෙන්, ලොවක් ඉදිරියට යමින් මුළු රටක් ආඩම්බරයට පත් කළ අනුදි ගුණසේකර දියණියට මා ද බිරිඳ ශිරන්ති ද සුබ පැතුම් පිරිනමමු.
72වැනි ලෝක රූ රැජින තරගාවලියේ අභියෝගාත්මක වට රැසකට මුහුණ දෙමින් ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව ඉහළින්ම ඔසවා තැබූ ඔබ මේ වන විටත් ඔබේ මව් රටත්, ශ්‍රී ලාංකික අප සැමවත් දිනවා අවසන් බව මගේ හැඟීමයි.

‘සහේලි පදනම’ හරහා කාන්තාවන් සවි බල ගන්වමින්, සංවේදී මෙන්ම මානුෂීය සමාජයීය කරුණු සම්බන්ධයෙන් ඔබේ කැපවීම ඉතා ප්‍රශංසනීය බව කිව යුතුය.
දියණියකගේ අගය මම හොඳින් දනිමි. මේ රටේ වගකිවයුතු මුල් පුරවැසියෙකු ලෙසින් රටේම දියණි වරුන් වෙනුවෙන් මට හැකි උපරිමයෙන් කටයුතුකර ඇතැයි මා විශ්වාස කරනවා.

රූපයෙන් ද, බුද්ධියෙන් ද, මානුෂීය ගුණාංගයන්ගෙන් ද පරිපූර්ණ ශ්‍රී ලාංකික දියණියකගේ ශක්තිමත් පෞරුෂයෙන් හා සුන්දරත්වයෙන් යුතුව අවසන් වටය සඳහා මුහුණ දෙමින් ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමට හැකි වේවායි ආදරණීය පියෙකු ලෙස සෙනෙහසින් මම ප්‍රාර්ථනා කරමි.

ඔබ අනුදි ගුණසේකර පමණක් ම නොවේ. ඔබ අරමුණ අත්නොහරිමින් සිහින හඹා යන මේ රටේ සියලුම දියණි වරුන්ගේ ද, අභියෝග වලට නොසැලී මුහුණ දෙන ශ්‍රී ලාංකික සැමගේ ද නියෝජනයයි. අද ලෝකය ම ඉදිරියේ ශ්‍රී ලංකා ධජය නියෝජනය කරන්නේ ද ඔබයි.

අනුදි ගුණසේකර දියණිය දෙස ශ්‍රී ලාංකික අප සැම විශ්වාසයෙන් හා සතුටින් යුතුව බලා සිටිමු. ඔබට තෙරුවන් සරණයි.”

Channel E

Previous articleමඩ ගහන පේජ් වලට පාඩම් උගන්නන්න රොෂාන් ප්‍රනාන්දු CID යට…
Next articleඒ අහිංසක ඇස් දෙකට තාමත් රසිකයින් ආදරෙයි. වයසට නොයන නිල්මිණිය ගැන ඇසෙන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights