Home දේශිය පුවත් “මයෙ හයිය කොල්ලට පණටත් වඩා ආදරෙයි අප්පච්චි..” ඒක නම් ඇත්තටම හරිම ආදරණීය...

“මයෙ හයිය කොල්ලට පණටත් වඩා ආදරෙයි අප්පච්චි..” ඒක නම් ඇත්තටම හරිම ආදරණීය සටහනක්..

0
88

මේ හරිම ආදරණීය කතාවක්. කසුන් මහේන්ද්‍ර හීනටිගල, ඔහු කාගේත් ආදරය දිනාගත්ත ලේඛකයෙක්.

එහෙම නැත්නම් කලාකරුවෙක්.

කසුන්ගේ මුහුණුපොතේ ඉඳහිට අපූරු සටහන් පළවෙනවා. ඒ අතර ආදරණීය පුංචි පුතා ගැන කියවෙන කතා නම් හරිම සුන්දරයි. මේ අන්න ඒ වගේ තවත් එක් සුන්දර සටහනක් කසුන් තමන්ගේ මුහුණුපොතට එක්කරලා තිබුණු අපූරුවයි.

“අද මට පුදුම තරං සතුටු දවසක්.
කෛලාෂ් පුතාට දැන් වයස අවුරුද්දක් හන්දා වැක්සින් එන්නත විදින්ට හොස්පිට්ල් ගියා. පුතණ්ඩියා මින් පෙර එන්නත් මතකයන් හි ඉන්ජෙක්ෂන් මුහුණත දුටු සැණින් ඇස් පොඩි රතු කරං කෑ මොර දෙන්ට ගන්ට හන්දා අපි උන්නෙ ආං ඒ තිගැස්මෙන්. මං කොයිඑකටත් කියලා කොල්ලගෙ අනික් අතින් අල්ලගෙනයි උන්නෙත්. පුත්‍රයා කාමරේ වටපිටේ තියෙන ලස්සන ලස්සන කාටුන් සිත්තර දිහා බල බල ඔහේ හුරතල් සද්ද බද්දෙ. මේ අතරෙ ‘ශ්‍යාමා දොස්තර නෝනා’ සට් ගා කට්ට විද්දා. මේං බොලේ කොලුවා කවදාවත් නැතුව කිසි ගාණක් නැතුව ලෙසටම චිල් එකේ ඉන්නවා. මායි, මාධවියි දිහා බලං ඇස් හීන් කරං හිනත් වෙනවා. මං හිතන්නෙ කෛලාෂ් ජීවිතේක තියෙන්ටෝනි වටිනාම ගුණාංග දෙක අද ඉගෙන ගත්තා. මෙතැන් පටන් තියෙන්නෙ ජීවිතේ පුරාම ඒවා හෙමීට හෙමීට ප්‍රගුණ කරන එක පුතේ.
ඒ දෙක තමයි ‘ඉවසීමයි – දරාගැනීමයි’
පිරිමියෙක් වුණහම වැඩිපුරම හයිය වෙන්ටෝනි පුතේ ඇඟේ හත්තියට වඩා හිතේ ශක්තිය. හිත ශක්තිමත් වුණහම මේ ලෝකෙ කොරන්ට බැරිදෙයක් නෑ. ඒක එහෙම වෙන්ට නං ඉවසීමයි – දරාගැනීමයි හැමදාම සං මිත්‍රයෙක් වාගෙ ළඟින්ම සදා තියාගන්ටෝනෙ.
මයෙ හයිය කොල්ලට පණටත් වඩා ආදරෙයි අප්පච්චි!”

Previous articleමෙය ඉතාම සූක්ෂ්ම සැත්කමක්.. රෝගියාගේ හදවත 20%ක් පමණ වැඩ කරමින් තිබුණේ..“ මෙරට ප්‍රථම වරට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකළ විශ්මිත සැත්කම..
Next articleප්‍රේමය නිසා එක් සැනෙකින් ජිවිතයම කණපිට හැරවුණු ඉංජිනේරුවරයෙකු ගැන ඇසෙන කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights