“මම කරන හොඳ තමයි අරන් යන්නේ. රෝගීන් රැසකගේ ජීවිත බේරා දුන් කෙනෙක් මම.” එහෙම අනතුරකින් මේ වගේ බේරුණු එක නම් ඇත්තටම පුදුමයක්.. ‍රෝගී ජීවිත වෙනුවෙන්ම කැපවුණු හිත හොඳ දොස්තර අනූ නවයෙන් ජීවිතය බේරාගනී..

“මම කරන හොඳ තමයි අරන් යන්නේ. රෝගීන් රැසකගේ ජීවිත බේරා දුන් කෙනෙක් මම.” එහෙම අනතුරකින් මේ වගේ බේරුණු එක නම් ඇත්තටම පුදුමයක්.. ‍රෝගී ජීවිත වෙනුවෙන්ම කැපවුණු හිත හොඳ දොස්තර අනූ නවයෙන් ජීවිතය බේරාගනී..

 

 

“රෝගී ජීවිත රැසක් බේරාගත් නිසා අද මගේ ජීවිතේ බේරුණා.

මම කරපු හොඳ නිසා අද මං මෙහෙම ඉන්නවා.” ඒ සිද්ධියෙන් පස්සේ ඔහු පැවසුවේ අන්න ඒ වගේ කතාවක්.

බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් ඔහුගේ වාහනේ බොනට්ටුවට පමණක් හානිවෙලා තිබුණා. මේ කියන්න යන්නේ කවුරු ගැනද? ඔහු ඔබ බොහෝ දෙනා හොඳින්ම දන්නා පුද්ගලයෙක්.

හිත හොඳ මනුස්සයෙක්. බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධානි වෛද්‍ය පාලිත රාජපක්ෂට ඊයේ අනපේක්ෂිත අනතුරකට මුහුණ දෙන්න වෙලා.

බදුල්ල රෝහල් පරිශ්‍රයේ බෝ ගසක විශාල අත්තක් සිය මෝටර් රථයට වැටී රථයට හානි සිදුවී ඇති බවට හෙතෙම මෙහිදී පවසා තිබුණා. වෙනදා එම ස්ථානය රෝගීන්ගේ බහුල තැනක් වුණත් වාසනාවකට වගේ ඊයේ දවසේ නම් එහෙම වෙලා නැහැ. කොහොම වුණත් තමන් මුහුණ දුන්න ඒ අනපේක්ෂිත සිදුවීම ගැන ඔහු කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්. “මම ඊයේ රෝහලේ රාජකාරියට වාර්තා කරලා වාහනය නතර කරල තිබුණා.

පස්සේ දවල් මගේ වාහනයේ බොනට් එක මතට බෝ ගසක අත්තක් කඩාවැටී තිබුණා. ඒ අත්ත අස්සේ තමයි වාහනය තිබුණේ. මම වාහනය තුළ හිටියා නම් මට මොනවා වෙලාද දන්නේ නැහැ. මම කරන හොඳ තමයි අරන් යන්නේ. රෝගීන් රැසකගේ ජීවිත බේරා දුන් කෙනෙක් මම.

ඒ කරපු හොඳ තමයි මේ. ඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ රෝගීන් රැසකටම මං ප්‍රතිකාර කළා. හැම මොහොතකම අපි කරන හොඳ පෙරළා අපිට යහපත ගෙනදෙනවා. ඊට හොඳම උදාහරණය තමයි මේක.”

ටොන් ගාණක් බර අත්තක් කඩාගෙන වැටිලත් මේ විදියට බේරුණු එකට කියන්න වචන නැහැ. මහ අත්ත බිම වැදිලා තිබුණේ වාහනේට හරියටම අඟල් 4ක් 5ක් ඉස්සරහින්.

Local Gossip