Home දේශිය පුවත් “මං ඒකට පොඩි කාලයකට තිත තිබ්බා..” හීන පස්සේ දුවන දේශානි මේ කියන්නේ...

“මං ඒකට පොඩි කාලයකට තිත තිබ්බා..” හීන පස්සේ දුවන දේශානි මේ කියන්නේ මොකක් ගැනද..?

0
100

 

ඇය කලා ලෝකයේ දිදුලන තාරකාවක්.. දේශානි නෙහාරා, මේ දවස්වල රංගනයට වඩා නර්තනයෙන් කැපී පෙනෙන ඇය හිරු තිරයටනම් ඉතා සුපුරුදු චරිතයක් වෙලා..

මේ කියන්න යන්නේ ඇය කියූ තවත් එක් වෙනස් කතාවක් ගැනයි.. දේශානි – ඉසුරු ආදර කතාවත් එක්ක, දේශානි මේ කියන කතාව ගැන දැනගන්න ඇයට ආදරය කරන බොහෝ දෙනා කැමැත්තෙන් ඇති.. ඇය ඇත්තටම රැකියාව අත්හැරදාලාද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..

ඔබ රංගන අවස්ථා පවා මඟහරිමින් රැකියාවට කැපවුණු යුවතියක්. ගුවන් සේවිකාවක් වෙන්න සිහින මවන තරුණියන්ට ඔබේ අත්දැකීමෙන් කියන්න යමක් ඇති?

ගුවන් සේවිකාවක් කියන්නේ රැකියාවක්ම පමණක් නෙවෙයි. එක පැත්තකින් ජීවිත රැසකගේ වගකීම ගන්න කෙනෙක්. ඒ වගේම ජීවිත ආරක්ෂා කරන්නෙක්. තවත් වෙලාවකට පොඩි දරුවන්ට අම්මා කෙනෙක්. එතැන ඉන්නේ විවිධ විවිධ මානසිකත්ව තියෙන අය. එතැනදී අපි මනෝ වෛද්‍යවරයෙක් වගේ ඒ මිනිසුන්ගේ ඉමෝෂන් හැන්ඩ්ල් කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒක තේ, කෝපි පිළිගන්වනවට වඩා ලොකු වගකීමක් තියෙන රැකියාවක්. ඒ නිසා ඒකට කැපවෙන්න, මහන්සි වෙන්න සහ ආදරය කරන්න පුළුවන් නම් විතරක් ඒ සඳහා යොමුවෙන්න කියන එකයි මම කියන්නේ. මමත් ගොඩක්ම ආදරේ කරන, ගරු කරන රැකියාවක් ඒක.

දැන් දැන් ඔබ කලාවේ දකිනවා වැඩියි. මේ දවස්වල රැකියාවට විවේකයක් දීල ද?

ඔව්. මේ දවස්වල මං කලාවට මුල් තැන දීලා තියෙන්නේ. ඒකට හේතුව මං මේ දවස්වල රැකියාවෙන් ඉවත් වෙලා ඉන්නේ. කොහොමත් පහුගිය දවස්වල මං කිය කිය හිටියා මට රැකියාව හරි රංගනය හරි දෙකෙන් එකක් තෝරගන්න සිද්ධ වෙනවා කියලා. මේ වෙද්දි මං රංගනය තෝරගෙන ඉවරයි. පහුගිය දවස්වල මං ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. රටවල් ගණනාවකට යන කෙනෙක් විදිහට මට මේ දෙකම කරන්න අමාරුයි. විවේකයක් නැතිකම නිසා මම අසනීප වෙන්නත් ගත්තා. ඒ නිසා පොඩි කාලෙකට හරි දීර්ඝකාලීනව හරි රැකියාවට සමුදීලා මගේ ලොකුම ආසාව සහ පළමු හීනය වුණු නිළියක් වීමේ හීනයේ පොඩි කාලයක් හරි ජීවත් වෙන්න ආස කළා. හීන තමයි අපිව ජීවත් කරවන්නේ. අපට මේ ජීවිතය ලැබෙන්නෙ එක සැරයයි. මං කැමැතියි දවසක මේ ජීවිතෙන් සමුගන්න කලින් මං ආස කරන ඉලක්කවලට යන්න. මම හීන පස්සෙ දුවන කෙනෙක් මිසක් එක හීනයක්වත් අතහරින කෙනෙක් නෙවෙයි. ඒ නිසා මං රැකියාවට පොඩි කාලෙකට තිත තිබ්බා. මගේ හොඳම කාලය රංගනයට දුන්නෙ නැත්නම් මට පසුකාලීනව දුක හිතෙයි. ඒ නිසා මං ඒ හීනෙට අවස්ථාවක් දෙන්න හිතුවා. දැන් මං මුළු කාලයම කලාව වෙනුවෙන් යොදවනවා.

දේශානි රිදී තිරයේ දකින්න ලැබෙන්නෙ නැති තරම්?

රැකියාවේ කාර්යබහුලත්වය නිසා රිදී තිරයේ වැඩක් නම් මට කවදාවත් බාරගන්න ලැබුණෙම නැහැ. රැකියාවත් එක්ක ඒකට දෙන්න ඕන කාලසීමාවන් වෙන් කරගන්න අමාරු වුණා. ගොඩක් ආරාධනා ලැබුණා. දුකෙන් හරි ඒවා ප්‍රතික්ෂේප කරන්න වුණා. නමුත් ඉදිරියේ දී හොඳ නිර්මාණයකින් රිදී තිරයේ දකින්න ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා.

Previous articleලෝක ටෙනිස් පිටිය හැඩ කරන ලාංකීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය සුරූපි ටෙනිස් ක්‍රීඩිකාවක් ගැන ඇසෙන ඔබ නොදත් කතාව
Next articleභාතිය නැගිටිනකල් මේ වෙද්දී මුලු රටක්ම බලන් ඉන්නවා… භාතිය ගැන ඇසෙන අලුත් ආරංචිය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights