Home දේශිය පුවත් මම සිංදු කියනවා, හැබැයි කට්ටියට අහන් ඉන්න නම් අමාරුයි…” – ඉසුරු ලොකුහෙට්ටිආරච්චි.

මම සිංදු කියනවා, හැබැයි කට්ටියට අහන් ඉන්න නම් අමාරුයි…” – ඉසුරු ලොකුහෙට්ටිආරච්චි.

0
30

මේ දවස්වල ජනප්‍රියම රංගන ශිල්පියා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කිව්වාට වැරදි නෑ.
සමාජ මාධ්‍ය පුරාම ඉන්නෙ ඉසුරු. හැබැයි තනියම නම් නෙවෙයි. ඔහුගේ පෙම්වතිය, දේශානිත් ඒත් එක්කම දකින්න ලැබෙනවා.

දෙන්නගෙ ආදර කතාව දැන් රහසක් නෙවෙයි.
ඒ නිසාම බොහෝදෙනා උනන්දුයි, ඉසුරුගෙ විවාහය ගැන එහෙමත් තොරතුරු දැනගන්න.
ඔන්න ඒ ගැනත් ආදරේ ගැනත් ගෙවුණු දවසක ඉසුරු මේ විදියට අදහස් දක්වලා තිබුණා.

”ආදරෙත් එක්ක තමයි ජීවිතේ සුන්දර වෙන්නෙ. මම හිතන්නෙ ජීවිතයට ආදරය අවශ්‍යයි. හරි කෙනා ජීවිතේට ආවම ජීවිතේ වුණත් ගොඩක් ලස්සනයි…”ඉසුරු කියන්නෙ නළුවෙක් විතරක්ම නෙවෙයි. ඔහු ජනප්‍රිය නිවේදකයෙක් ද වනවා.
ඒ විතරක් නෙවෙයි, විටෙක ඔහු ගායකයෙක්.

සිය ගායන හැකියාව ගැන ඉසුරු කියන්නෙ මෙහෙම කතාවක්.
”ඔව් සිංදු කියනවා. හැබැයි අහන් ඉන්න නම් අමාරුයි කට්ටියට. මම ගායකයෙක් නෙවෙයි. හැබැයි වැඩසටහනකට ගියාම රංගන ශිල්පියෙක් විදියට ගීතයක් ගායනා කරන්න කියලා කිව්වම මම ගායනා කරනවා. නැතුව ගායන ශිල්පියෙක් නෙවෙයි…”

උපුටාගැනීම් : සඳැල්ල | කෞෂල්‍යා ලක්ෂානි

Previous articleඉන්දියාවේ එහෙම වෙද්දී ලංකාවෙත් දුක හිතෙන දෙයක් වෙලා… ඒ අවාසනාවන්ත සිද්ධිය සිසු ජීවිතයකුත් උදුරාගෙන ගිහිල්ලා…
Next articleදෙවෙනි ඉනිමෙ රඟපාලා, මගේ අනිත් වැඩවලට කාලය දුන්නම තව ටෙලි නිර්මාණවලට වෙලාව හොයාගන්න අමාරුයි’ – රවීන් කණිෂ්ක.
error: Content is protected !!
Verified by MonsterInsights