Home දේශිය පුවත් හැමදාම එකම විදියට ඉදල හරි යන්නේ නැහැ කියල හිතුණා.. මම දැන් වෙනස්...

හැමදාම එකම විදියට ඉදල හරි යන්නේ නැහැ කියල හිතුණා.. මම දැන් වෙනස් වෙනවා..! රොෂානා ඔන්ඩච්චි මේ මොකක් ගැනද කියන්නේ..?

0
121

 

රොෂානාව අපට මුලින්ම හදුනගන්න ලැබෙන්නේ ‘තට්ටු ගෙවල්’ ටෙලි නාට්‍යයෙන්.

ඒ් දවස්වල කොල්ලෝ මේ අලුත් කෙල්ලට පිස්සු වැටිල හිටියේ. හැබැයි ඔය කාලේදීම ඇය රංගනයෙන් ඈත් වුණා. ඒ් විවාහය නිසා.

ඊට පස්සේ ඇය හිතුවේ තමන්ගේ පවුල් ජිවිතේ හා දියණිය ගැන. රොෂානා ආදරණිය මවක් විදියට තමන්ගේ දියණිය වෙනුවෙන් කැප වුණා. ඒ් වගේම කාලය හොයාගෙන පුංචි පුංචි චරිත නිරූපණය කරන්නත් පටන් ගත්තා. ඒ් දැන් ඇගේ දියණියත් ළග නැති හින්දා.

“මගේ දුව හොදම හොද ළමයෙක්. එයාට හොද නරක දෙක හොදින් තේරෙනවා. තමන් ළග ඉන්න යාලුවන්ටත් ඇය උපදෙස් දෙනවා. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබනවා. එහෙදි කියල වෙනසක් නැහැ. හරිම හොද ළමයෙක් විදියට ජීවත් වෙනවා. ඇත්තටම ඇය නැතිව මට හරිම පාළුයි. ඒ් නිසාම තමයි මම ආපහු රංගනය පැත්තට යොමු වුණේ.
ඒ් අනුව මම මේ දවස්වල කුමාර තිරමාදුර අය්ය හදන ඔ්ල්ඩ් මෑන් කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා..

ඒ්ක වෙනස් ම විදිහෙ කතාවක් . මගේ චරිතයත් වෙනස්ම එකක්. ඒ් වගේම තමයි ජගත් බෙනරගම නිර්මාණය කරන ‘ඔබ සහ මම’. මේ ටෙලි නාට්‍යයේ චරිතයත් හොද එකක්. ඒ්ක වැඩි ප්‍රතිචාරයක් වැඩි කතාබහක් ඇතිවන චරිතයක් වේවි. මීට අමතරව මේ දවස්වල නුවර පළාතේ රූපගත වෙන ‘සමීරා’ ටෙලි නාට්‍යයේත් මම ඒ් වගේම වෙනස්ම විදිහෙ චරිතයක් රගපානවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍යයක් මම මැදිහත් වෙලා කරනවා. ඒ්කේ වැඩත් මේ දවස්වල සිදුවෙනවා.

ඒ්කයි මම කිව්වේ මම දැන් හුගාක් වෙනස් වෙලා කියලා. ඉස්සර මම රගපෑ චරිත නෙමෙයි දැන් මම කරන්නේ. කලාව පැත්තෙනුත් ඉස්සරට ගිහින් තවත් ඉස්සරහට යන්න තමයි හිතාගෙන ඉන්නේ.”

රොෂානා ඔය විදියට ඉතින් කලා නිර්මාණ ඔස්සේ ඉදිරියට ගියත් ඔස්ට්‍රේලියාවේ ඉන්න දුව එක්ක කතා කරන එක නම් ඩිංගක්වත් අඩු කරන්නේ නැහැලු. කොහොමද ඒ් අම්මගෙයි දුවගෙයි තියෙන බැදීම.

Previous articleරටක් ආදරේ කරපු ඒ චරිතය, ක්ලබ් වසන්ත අපෙන් සමු අරන් දැන් ටික කාලයක්… ඉතිං එක පාරටම මොකද්ද මේ ඔහු ගැන යලිත් ඇසෙන ඒ පුවත ?
Next articleඔයත් කොන්දේ කැක්කුම නිසා වද විදින කෙනෙක්ද ? මේ අත් බෙහෙත කරලා බලන්න. කොන්දේ කැක්කුම කොහෙන් ගියාද නෑ
error: Content is protected !!
Verified by MonsterInsights