මේ දිනවල විකාශය වන ‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා’ ටෙලිනාට්‍යයේ ‘මේඛලා’ මෙන්ම එහි නිෂ්පාදිකාවද වන්නේ ඇයයි. නමින් ගයාත්‍රි දිසානායක වන ඇය, සිය කලාදිවිය ගැන මෙසේ කතාබහට එක්වූවාය .
‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා’ ටෙලිනාට්‍යය මේ දිනවල ඉතා ජනප්‍රියයි. එහි මේඛලාව ගයාත්‍රිට දැනෙන විදිහ කීවොත්……?
මේඛලා හරිම නපුරු,, දුෂ්ට චරිතයක් . තාත්තත් එක්ක එකතුවෙලා තමන් ගැනම හිතලා වැඩකරන හරිම නපුරු චරිතයක් .
මෙහි නිෂ්පාදිකාවද ඔබයි. චරිතයට ආරාධනා ලැබෙන්නේ ඒ නිසාද?
මෙහි නිෂ්පාදන කටයුතු කරන්නේ මම තමයි. ඒ නිසාම මම මේ ටෙලිනාට්‍යයේ රඟපාන්නේ නැහැ කියන මතයේයි හිටියේ . මේඛලාගේ චරිතයට අපි කතා කළ ‘ආර්ටිස්ට්‘ට රඟපෑමේ දින ප්‍රශ්නයක් ඇතිවුණා. ඊට පසුව අධ්‍යක්ෂ සහ සහාය අධ්‍යක්ෂ දෙන්නම කිව්වා ඔයා කොහොමත් රඟපානවනේ, මේ චරිතය ඔයාට ගැළපෙනවා, මේක කරමු කියලා ඔවුන් තීරණය කළා.
මේඛලා ඔබේ සැබෑ දිවියට කොතෙක්දුරට සමීපද කිව්වොත්?
මට සාමාන්‍යයෙන් කේන්ති නොයනවා නෙවෙයි. මම හැමවේලාවේම, හැමෝ එක්කම රණ්ඩුවෙන දුෂ්ට කෙනෙකුත් නෙවෙයි. මට තරහ ආවම පාඩුවේ නිහඬව පැත්තකට වෙලා ඉන්නවා.
ගයාත්‍රිව දකින්න ලැබෙන වෙනත් ටෙලි නිර්මාණ මොනවද?
‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා’ , ටෙලිනාට්‍යයේ ෂූටින් පටන්ගත්තට පස්සේ වෙන කිසිම නිර්මාණයක් භාරගත්තේ නැහැ. මෙහි නිෂ්පාදන කටයුතුත් එක්ක නව වැඩකට යොමුවෙන්න අමාරුයි . දැන්නම් හිතාගෙන ඉන්නවා ඉදිරියට ලැබෙන නිර්මාණ භාරගන්නවා කියලා.
මුලින්ම කැමරාවකට මුහුණදුන් දවස සිහි කළොත්?
2017 ජනවාරි මාසයේ සිනේ ආර්ට් ප්‍රඩක්ෂන් එකේ ප්‍රභාත් රෝෂන් අයියගේ වැඩක තමයි මුලින්ම ඇක්ට් කළේ. එදා මාත් එක්ක ඇක්ට් කරන්න හිටියේ රොෂාන් රණවන අයියයි, පැතුම් රුක්ෂාන් අයියයි. එදා රංගනයේ ලොකු වෙනසක් තිබ්බේ නැහැ . මුලින්ම ටිකක් බයෙන් රොෂාන් අයියව ෆලෝ කරලා එයාව දැලේ දාගන්න අවස්ථාවක් තිබ්බේ.
පාසල් කාලයේත් කලාකටයුතුවල නිරතවුණාද?
ඒ කාලයේ මම ඩාන්සින් කළා. පාසලේ ඩ්‍රාමා තිබ්බේ නැහැ .
කලා ලොවේ දොරටු විවරවුණේ කොහොමද?
2016 අවසානයේ වගේ ‘ඔඩිෂන්‘ එකක් ගැන ෆේස් බුක් එකේ දාලා තිබ්බා. ඒකට ඉල්ලුම් කර තේරුණා. ඒක ෆිල්ම් එකක්. ඒත් මට එහි රඟපාන්න අවස්ථාව අහිමි වුණා. මම නාට්‍යකරණය ඉගෙනගන්න සුදර්ශියේ පන්ති ගියා. එහිදී හමුවූ ඕෂධ කුමාර අයියා මට ටෙලිනාට්‍යයකට කතා කළා. ඒකතමයි කලින් කිව්ව සිනේ ආර්ට් ප්‍රඩක්ෂන් එකේ වැඩේ.
වෙළෙඳ දැන්වීම්වලටත් පෙනීසිට තියෙනවද?
කලාවට ආව මුල් කාලයේ වෙළෙඳ දැන්වීම් කිහිපයක රඟපෑවා . වෙළෙඳ දැන්වීම් 10ක් වගේ කළා.
සිනමාවට ගයාත්‍රිගේ දායකත්වය මොනවගේද?
මේ වෙද්දි චිත්‍රපට 04කට මම දායක වුණා. ඉන් 02ක මම ප්‍රධාන චරිත කළා. ඒවා ඉදිරියේ තිරගත වේවි.
රඟපාන්න ආස චරිතයක් තියෙනවද…..?
මම ගොඩාක් රඟපාලා තියෙන්නේ නපුරු චරිත . අහිංසක, ගැමි චරිතයක් කරන්න ආසයි.
කලා ලොවේදී ඔබට ගුරුහරුකම් දුන් පිරිසකුත් ඇති?
මම නාට්‍යකරණය ඉගෙනගන්නේ මහේන්ද්‍ර පෙරේරා සර්ගෙන් සහ දමයන්ති ෆොන්සේකා මිස්ගෙන්. ඔවුන්ව මේ මොහොතේ සිහිපත් කරනවා . ගොඩාක් අය මට ගුරුහරුකම් දීලා තියෙනවා . අනෙක් අයගේ රඟපෑම් මම අධ්‍යයනය කරනවා වගේම ඔවුන් සමඟ ඒ රඟපෑම් ගැන කතා කරනවා.
ඉදිරියේදී ගයාත්‍රිව අපට දකින්න ලැබෙන්නේ මොන නිර්මාණවලින්ද?
මම රඟපෑ චිත්‍රපට කිහිපයක් තිරගත වෙන්න තියෙනවා . ‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා’ වගේ නව නිර්මාණ කිහිපයකටත් සැලසුමක් තිබෙනවා.
පවුලේ අයගෙන් ඔබේ රංගනයට ලැබෙන සහාය මොනවගේද?
පවුලේ අයගෙන් ලොකු සහායක් ලැබෙනවා . මම යම් තැනක ඉන්නවනම් ඔවුන් ඒකට හේතුවක් කියන්න පුළුවන් . මගේ නංගි තමයි නිතරම මාව දිරිගන්වන්නේ.