Home දේශිය පුවත් මම මේ සියලු බේත් අතේ ඔතමින් දෙන්න ගියොත් දවසම බේත් දෙන්න වෙනවා..මිනිස්සුන්ගේ...

මම මේ සියලු බේත් අතේ ඔතමින් දෙන්න ගියොත් දවසම බේත් දෙන්න වෙනවා..මිනිස්සුන්ගේ බඩගින්න පිපාසය තේරුම් අරගෙන තමන්ගේ සේවය හරියටම කරන උතුම් මනුස්සයෙක් ගැන ඇසෙන කතාවක් තමයි මේ..

0
84

” මේ ඉන්නෙ ශානුක…මෙයා තමයි සතියට දින 5 තියන සායනයේ බේත් පැකට් හදන්නේ…ඊට අමතරව OPD එකට අවශ්‍ය බේත් තියලා එතන අඩුපාඩුත් බලනවා…

සායන රෝගීන්ට මාස 2 බේත් දෙන නිසා එක අයෙකුට බේත් විශාල ප්‍රමාණයක් දෙනවා…ඒවා කොළයක ඔතලා එවෙලේ දෙන්න බැරි නිසා පොලිතීන් වලින් සීල් කරලා පැකට් හදනවා…අඩුම වශයෙන් වර්ග 30 විතර…දිනකට රෝගීන් 150 විතර එනවා….
ශානුක කිසීම දිනක එයාගේ රැකියාව අසතුටෙන් කරන්නේ නෑ…

මොන වර්ගෙන් පැකට් ඉල්ලුවත් හරි මිස් කියලා විතරයි කියන්නේ….හැමදේටම මැසිවිලි නගන බොහෝ පුත්ගලයන් අතර මේ දරුවා එයාව ඉතාම හොඳ තැනක තියාගෙන ඉන්නවා..ගන්න සොච්චම් වැටුපට සතයක නයක් නැති පොඩි කොල්ලෙක්….

ශානුක ඔයා හදන බේත් පැකට් එකක් ගානේ
අහිංසක වයසක මිනිසුන් පෝලිමේ රැදෙන කාලේ අඩුකරනවා..බඩගින්නේ වතුර පිපාසෙන් ඉන්න ඒ මිනිස්සුන්ගේ නිහඩ ආශිර්වාදය ඔයාට හිමිවෙනවා…

….මම මේ සියලු බේත් අතේ ඔතමින් දෙන්න ගියොත් දවසම බේත් දෙන්න වෙනවා..මට ඒක ගැටලුවක් නොවුනාට රෝගීන්ට එහෙම ඉන්න අමාරුයි.. ඕනෑම කෙනෙක්ගේ තනතුර නොවේ වැදගත් වන්නේ ඒ තනතුරේ ඉඳන් ලබා දෙන සේවාවයි….ඔයා ඒ දේ හරියටම කරනවා ශානූ… ”

* Ganga Priyangi මුහුණුපොතේ සටහනක් *

Previous articleදෙනෙත් අහිමි වුවත් ඒ කිසිත් නොතකා ජිවිතය ජයගත් තවත් එක් වීරයෙක් ගැන ඇසෙන කතාව මෙන්න..
Next articleඇයත් කරන්නේ වෘත්තීයක්… මිනිසුන් සමග එකට ඉන්න ඇයට කවදාවත් අනුකම්පා කරන්න ඕනි නෑ… ෆෝන් එකෙන් පටිගත කල ඒ අපූරු සිනමාපටය ගැන ඔබ නොඇසූ කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights