සමහර මිනිස්සුන්ට මං කරපු උදව් සහ මම කරපු හොඳ කතා කරනවාට වඩිය මම නොකරපු දේවල් ගැන හරියට කතා කරන්න වෙලාව තිබුනා…
මං මනුස්සයෙක් එක්ක මනුස්සකමට කතා කරත්, අනවශ්‍ය විදිහට කතා හදලා නැති දේවල් ඔලුගෙඩි වලට දාගෙන නැටුවා…
මං මගේ ජීවිතේ කාත් එක්ක කතා කරත්, කවුරු ආශ්‍රය කරත්, කිසිම කෙනෙක් ඒක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නෑ…
මම පුංචි කාලෙ ඉඳන් ගැහැණු යාලුවො වටකරගෙන හැදුන දුවෙක් නෙමේ, මට බහුතරයක් හිටියේ පිරිමි යාලුවො. අදටත් ඒක එහෙමයි.
මගේ මනුස්සයට ඒක ප්‍රශ්නයක් නැත්තං, මගේ යාලුවොන්ට ඒක ප්‍රශ්නයක් නැත්තම්, ඔයෙ අනිත් අය ඒක ප්‍රශ්නයක් කරගන්න එපා… ඒ කාලය “තමන්ගෙ දෙයක් හොයාගන්න, තමන්ගෙ වැඩක් කරගන්න පාවිච්චි කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා..
–
කාවින්දහ අධිකාරී –











