ඔබත් මේ ලග්නය හිමි අයෙක් නම් ප්‍රවේසමෙන්.. අගෝස්තු 11 සිදුවන ප්‍රබල ග්‍රහමාරුවක් ගැන ඇසෙන ආරංචිය මෙන්න..

ඔබත් මේ ලග්නය හිමි අයෙක් නම් ප්‍රවේසමෙන්.. අගෝස්තු 11 සිදුවන ප්‍රබල ග්‍රහමාරුවක් ගැන ඇසෙන ආරංචිය මෙන්න..

 

මේ කියන්න යන්නේ තවත් එක් ප්‍රබල ග්‍රහ මාරුවක් ගැන කතාවක්..

මෙහිදී ඔබේ ලග්නයට අනුව ලැබෙන වාසිදායක තත්ව මොන වගේ වේවිද…?

නැතිනම් ඔන ඔනේ සැලසුම් කොහොම වෙනස් කරගත යුතුද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..

මේෂ, වෘෂභ, සිංහ, තුලා ලග්නවලට සුබපල ද අනෙකුත් ලග්න අටටම මිශ්‍රපල දෙමින් ද අගෝස්තු 11 වැනිදා සඳුදා දහවල් 01.01ට ඥානකාරක බුධ නිවෘත වෙයි. මෙහිදී වෘශ්චික සහ කුම්භ ලග්න හිමියන් තම කටයුතුවලදී බෙහෙවින් පරෙස්සම් සහගත වීම වැදගත් බව අවධාරණය කළ යුතු වෙයි.

ඒ මොහොතේ උදාවන වෘශ්චික රාශියේ 01 – 06 අධිපති අඟහරු අයස්ථානය වූ 11 වැන්නෙහි සතුරුව 08 – 11 අධිපති 09 වැන්න වූ භාග්‍යස්ථානගතව කේතුගෙන් සහ ගුරුගෙන් පාප කර්තරීව පවතී. විශ්ව මේෂ රාශි සටහනට අනුව 03 – 06 අධිපති බුධ 04 වැන්නෙහි තැන්පත්ව ඇත. මෙකී පසුබිම ආශ්‍රිතව සෞරග්‍රහ මණ්ඩලය විපරීත වූ බවක් දෘශ්‍යමාන වන්නේය.

නිශ්චලව සිට වක්‍රවන සහ නිශ්චලව සිට නිවෘත වන ග්‍රහයෝ අතරින් මෙවර සතුරු බුධ ග්‍රහයා විකෘතිවීම පාදක කොටගෙන විශ්වය පුරා මෙන්ම ශ්‍රී ලංකා පුරවැසි ජනතාව බුද්ධිමත්ව දූරදර්ශීව ක්‍රියාකාරිවීම අත්‍යවශ්‍ය බව පැවසිය යුතුය. හදිසි තීරණ තීන්දු මෙන්ම අවලාද අපහාස නින්දා පරිභව ඇතුළු අරගල වර්ජන ගර්ජන නිර්මාණය කරළීම අවදානම්සහගත බැව් සලකන්න.

ශ්‍රී ලාංකේය මෙන්ම විශ්ව රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි සහ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකව පොදුවේ ලෝක ජනතාව දූරදර්ශීව ඉවසීමෙන් ක්‍රියාත්මක වීම අතිශය ඥානාන්විත වන මානසික මෙහෙයුමක යෙදිය යුතු කාලපරාසයකි.

සානුකම්පිත හදවතින් උතුම් වූ මනුෂ්‍ය මානසිකත්වයකින් කල්ගත කරළීම අතිශය හිතවාදී වෙයි. සටන්කාමී පසුබිම මිහිතලයෙන්ම දුරුවීම යහපත් වෙයි. මහජනතාව කැලඹිලි, කෝලාහල ඇතිකරන තත්ත්වයකට පාත්‍ර නොවී, දැනුම, අවබෝධය පිණිස බුද්ධිය මෙහෙයවීම අතිශය සහනදායී වීමට හේතු සාධක වෙයි.

පොත්පත් ප්‍රවෘත්ති පත්‍ර ආයතන මෙන්ම විදෙස් ගනුදෙනු සාර්ථකත්වයට පත් කරගැනීම අපහසු වනු ඇත. සොරකම්, සාපරාධී අපරාධ, මානසික විකෘතිතා, පළිගැනීම්, වෛර, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, ද්වේෂ සහගත බව වර්ධනය වීම බුධ නිවෘතියෙන් පෙන්වන්නාවූ අශුභවාදි පැතිකඩ වෙයි.

භූමිය, ආශ්‍රිතව ලැබීම් මාර්ග හීනවීයාම කාලගුණික දේශගුණික පාරිසරික හානි අධික වීමට ද මේ ග්‍රහ තත්ත්වය බලපානු ඇත.
සුබසෙත පුවත්පත ඇසුරෙන්..

Uncategorized