එඩරු තෙල් එහෙම නැත්තම් castor oil කියන්නෙ අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලෙ නිතර පාවිච්චි කරන තෙල් වර්ගයක්.. ඖෂධීය ගුණය ඉතාම ඉහලයි.
එඩරු තෙල් ගන්නෙ එඩරු ගසේ බීජ වලින් තමයි..ඒකත් දැනගෙනම අපි ගුණ ගැන කතා කරමු.
එඩරු තෙල් සාමාන්‍යයෙන් ඝනකමින් වැඩියි. බරින් වැඩියි.. ඒවගෙම ඒකට ආවේණික ගන්ධයක් තියනවා.
සාමාන්‍යයෙන් මේක කෙලින්ම ආලේප කරනකොට ඇලෙනසුලුයි. ඒ වගෙම එඩරු තෙල් සිසිල් ගුණයෙන් යුතු තෙල් වර්ගයක්.
එඩරු තෙල් වලින්
☘️අපේ හිසකෙස් ශක්තිමත් කරනවා
☘️හිස්කබලෙ තෙතමනය ආරක්ෂා කරනවා
☘️හිසකෙස් වර්ධනය වීම උත්තේජනය කරනවා
☘️හිසකෙස් අවුල් වීම ඒ කියන්නෙ වියලි බව නිසා අවුල් වෙන එක නතර කරනවා.
අපේ සම සම්බන්ධයෙන් ගත්තොත්
☘️අපේ සමේ රැලි වැටීම් ඉවත් කරලා සම වයස්ගත වීම වලක්වනවා
☘️සමේ ඇතිවන rash වගෙ දේවල් එක්ක ඇතිවන ඉරිතැලීම් , වගෙ තත්ව සුවකරනවා
☘️වියලි සම ඉවත් කරලා තෙතමනයක් ලබාදෙනවා
මේ කොහොම උනත් එඩරු තෙල් කෙලින්ම ආලේප කරන එක ටිකක් අපහසු වැඩක්.. මේ නිසා හිසකෙස් වල ආලේප කරනකොට පොල්තෙල් වගෙ දෙයක් එක්ක මිශ්‍ර කරලා ගාන එක ගොඩක් හොඳ යි.
ඒ වගෙම තමා මේ ඕනම දෙයක් නොගැලපෙන අය ඉන්න පුළුවන් .. එඩරු තෙල් සිසිල් නිසා සෙම් රෝග තියන අය පරිස්සමින් පාවිච්චි කරන්න ඕන.
ඒ වගෙම තමා හිස්කබල ගොඩක් තෙල් සහිත අයට නම් මේක ගැලපෙන්නෙ නෑ..
එඩරු තෙල් පාවිච්චි කලාම හිසකෙස් ගැලවෙන එක වැඩිවෙනවා වගෙ තත්ව එනවා නම් පාවිච්චි කරන්න යන්න එපා..
හැමදේම හැමෝටම ගැලපෙන් නෑ..ඖෂධීය තෙල් වර්ගයක් උනත් එහෙමම තමයි..
ඒ නිසා පාවිච්චි කරනකොට වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කරන එක වඩාත් හොඳ යි කියලා කියන්න පුළුවන් ..
එඩරු තෙල් සම්බන්ධයෙන් ඔයාලගෙ අත්දැකීමුත් කමෙන්ට් එක්කින් දාගෙන යන්න ඉතින් 🧡🧡🧡
ඔයාලා හැම දෙනාම නීරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
සටහන ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්
BAMS( කැලණිය විශ්වවිද්‍යාලය )
උපුටා ගැනීමකි.









