ඔයාගෙත් මනස අවුල් නම් මෙන්න මේ හිගන්නාගේ තියරිය අනුගමනය කරන්න මනස සුවපත් වෙනවා සත්තයි

ඔයාගෙත් මනස අවුල් නම් මෙන්න මේ හිගන්නාගේ තියරිය අනුගමනය කරන්න මනස සුවපත් වෙනවා සත්තයි

ඔයාගේ මනසට වද දෙන පීඩාකාරී සිතුවිලි නිතරම එනවද?

“හිඟන්නාගේ තියරිය” භාවිත කරන්න

ඔයාගේ ගෙදරට දවසක් හිඟන්නෙක් ආවා කියල හිතන්න.
ඔයා එදා හිඟන්නා ගැන අවධානය දීලා එයාට රු:50 ක් දෙනවා..

මෙන්න මේ මනුස්සයා දෙවනි දවසෙත් ඇවිල්ලා.!!

එදත් ඔයා රු:20 ක් දෙනවා..

ඔහොම ඔහොම හිගන්නා සල්ලි ලැබෙන නිසා පුරුද්දට දිනපතාම ඔයාගේ ගෙදරට එන්න ගත්තා..
දැන් ඔයාට මේක කරදරයක්..

දැන් මේක නතර කරගන්න ඔයා මොකද කරන්නේ??

හිගන්නා ආයි දවසක් ඇවිත් ගෙදර ගේට්ටුවට තට්ටු කළාම ඔයා ඇහුන්නෑ වගේ,ගෙදර කවුරුත් නෑ වගේ මුකුත්ම reaction එකක් නොකර ඉන්නවා.

ටික වෙලාවක් බලල හිගන්නා හැරිල යනවා.ඊළග දවසේ එයා ආයෙත් එනවා. ඇවිත් ගේට්ටුවට තට්ටු කරනවා.එදත් ඔයාගෙන් රිඇක්ෂන් එකක් නෑ.ටිකක් බලල එයා හැරිල යනවා.

ඔහොම එයා ටික දවසක් එනවා. ගේට්ටුවට තට්ටු කරනවා.ඔයාගෙන් රිඇක්ෂන් එකක් නෑ.ඊට පස්සේ හිගන්නාම ඔයගෙ ගෙදරට එන එක නතර කරල දානවා.
ඔයාගෙන් රිඇක්ෂන් එකක් නැති නිසා.

ඔන්න ඔය පාවිච්චි කරපු තියරියම තමයි අපි අර මනසට පීඩාකාරි,කරදරකාරි සිතුවිල්ලක් එනකොටත් කරන්න ඕන.

ඒ සිතුවිල්ලට හිතට එන්න දෙන්න.
ඔයා ඒ සිතුවිල්ල දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉන්න.
ඒ සිතුවිල්ලට බය වෙන්නවත් දුක වෙන්නවත් එපා.

ඒ කියන්නේ ඒ සිතුවිල්ල ගණන් ගන්න එපා,ඒකට ප්‍රතිචාර දක්වන්න යන්න එපා.

ඔයා ඒකට රිඇක්ෂන් එකක් කරොත් ඒ සිතුවිල්ල ආයි ආයි හිතට එනවා. ඒක කොයිතරම් පීඩාකාරී,අසහනකාරී සිතුවිල්ලක් වුණත් ඒකට කිසිම විදියකට බය,දුක වගේ ප්‍රතිචාර දක්වන්න එපා.

ඒක හරියට වාහනයක යද්දී පාර දෙපැත්තේ තියෙන ගස්,මිනිස්සු, ගොඩනැගිලි දැක්කට ඒ රූප සංඥාවලට අපි කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නෑනෙ.ඒව දිහා බලන් ඉන්නේ හිස් බැල්මෙන්.ආන්න ඒ වගේ හිතට එන ඒ සිතුවිලි දිහා හිස් බැල්මෙන් බලන් ඉන්න.

මුලින්ම මේක කරන්න ටිකක් අමාරු වෙයි.මොකද මේ එන සිතුවිල්ල ගොඩක් පීඩාකාරී අසහනකාරී එකක් වෙන්න පුලුවන්නේ.ඒ නිසා පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කරන්න.ටික ටික කරද්දී හුරු වෙයි.

එතකොට හිතට පීඩාකාරී සිතුවිල්ලක් එනකොට ඒකට අනවශ්‍ය බයක්, දුකක්, පීඩනයක් ඔයාට නොදැනේවි.ඒක හිතට එන නිකම්ම නිකම් සිතුවිල්ලක් බව ඔයාට දැනේවි.ඉතින් ඔයා ඒ සිතුවිල්ලට රිඇක්ෂන් එකක් නොකරන නිසා ක්‍රමානුකූලව ඒ සිතුවිල්ල හිතට එන එක නතර වේවි.

Nishantha Jayasekara ✍️

කරුනාකර කතෘ අයිතිය සුරකින්න.
————————————
.
අයිතිය මුල් හිමිකරු සතුයි

Uncategorized