රංගන ශිල්පිනි දේශානි නෙහාරා ගැන ඇසෙන අලුත්ම ආරංචිය නිසා මේ වනවිට සමාජ මාධ්‍ය උණුසුම් වෙලා තියෙනවා. ඇය ඇගේ පෞද්ගලික ජීවිතය ගැන තැබූ සටහනක් මේ වනවිට කාගේත් කතාබහට ලක් වී තිබෙනවා.
ඉතිං මේ සිද්ධිය නිසාවෙන්ම සමාජ මාධ්‍යයේ බොහෝ පිරිසක් මේ ආදරණීය රංගන ශිල්පිනිය වෙනුවෙන් ඔවුන්ගේ හඩ අවදි කරලා තිබුනා. මේ ඔබට කියන්න යන්නෙත් එහෙම සටහනක් පිලිබද..
සමාජ මාධ්‍ය පරිශීලලයෙක් වන සසිදු සහන් තාරක නෙහාරා ගැන මෙවැනි අදහසක් ඔහුගේ සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුනා.
උපුටාගැනීම
අපි කවුරුත් සැබෑ ආදරේ ගැන කියල දෙන්න තරම් සුචරිතවත් පරමාදර්ශිවත් චරිත නෙමෙයි. පුද්ගලිකව මට, ආදරෙ කියන්නෙ මෙන්න මේකය කියල මන් ආදරෙ මෙයාට විතරයි කියලා කියන්න බැ.
අපි අපෙ ජිවිත වල නොයෙක් කාල වල මුණ ගැහෙන මිජිස්සු එක්ක සම්බන්ධතා පටන් ගන්නවා.. නවතිනවා.. ආයෙ පටන් ගන්නවා.. ආයෙ නවතිනවා. ඒ හැමදේම අතිශය සාමාන්‍යයි.
හැබැයි පුද්ගලිකව මම කිසිම සම්බන්ධයකදි අනෙක් පාර්ශවයට චෝදනා කිරිමේ ඉදලා වාචිකව හෝ කායිකව හිංසා කිරිම කරල නැ. අමතක කරන්න එපා එහෙම නොකර සිටීම මාර වාව් දෙයක් නෙමෙයි. අතිශය සාමාන්‍ය දෙයක්. උත්කර්ෂවත් කරන්න දේකුත් නැ.
The Girlfriend movie එක බලලා මට මන් ගැන සැටිෆැක්ශන් එකකට එන්නත් ඔය බුකියෙ බොහෝ ප්‍රසිද්ධ ආදර කතාවල ඉරණම් තිරණය වෙන දිහා බලලා මන් ගැන සතුටුවෙන්නෙත් ඒ හින්දා.
ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් වෙද්දි සාමාන්‍ය මිනිස් හැසිරීම් විදිහට සැලකිය යුතු ඒවා උත්කර්ෂවත් වෙන මට්ටමට සම්බන්ධතා ටොක්සික් වෙලා. ටොක්සික් සම්බන්ධතා රෝමාන්තිකරණය වෙලා ඒවා සාමාන්‍යකරණය වෙලා. හෙනම ඛේදවාඡක තමයි.
තමන් ලව් කරන්නෙ කාටද ඒ මිනිහා මොන වගෙ මනුස්සයෙක්ද අපතයෙක්ද කියලා තමන්ට තෙරුම් ගන්න බැ කියන්නෙ මනුස්සයෙක් විදිහට තමන් ෆේල් කියන එක. ඒකට සම්බන්ධය අවසන් වුනම් පස්සෙ අනෙක් පාර්ශවයට චෝදනා කරල බුකියෙ පෝස්ට් දාල මම නෙමෙයි අරයයි වැරදි කියල වැඩක් නැ. (එහෙම කරන නොකරන එක තමන්ගෙ වැඩක්.)
වයස 18ට වැඩිනම් සම්බන්ධතවයට ගියේ තමන්ගෙ කැමැත්තෙන් නම් කරුණාකරලා තමන්ගෙ පාර්ශවයෙ වගකීම තමන් ගන්න පුරුදුවෙන්න. එහෙම බැරි අය ලව් නොකර ඉන්න එක තමයි හොඳම. නැතිනම් පස්සෙ කෙඳිරිලි විතරයි.
උඹල ලව් කරන නොකරන එක කරන්නෙ කාටද කියන එක උඹලගෙ තිරණයක්. හැබැයි ඒවා සමාජ ඛේදවාඡක කියන තැනින් කෙලවර වෙනවා වගේ දැනෙනවා නම් ඒ ගැන අපි උනන්දුයි. හොදට හො නරකට හෑලි ලියනවා. ඒ නිසා තමන්ගෙ පුද්ගලික සීමාවේ ඒව එහෙම තියාගන්නෙ නැතුව පොදු අවකාශෙකට මුදා හැරියම ඒවට වන්දිය ලැබෙන්නෙත් පොදු අවකාශෙම තමයි. එතකොට අඥෙ හුඥේ ගාල වැඩක් නැ.
අන්තිමට ඉතිම් ඔය බුකි ලව් දිහා බලල පරමාදර්ශි ලව් විදිහට හිතේ තියාගෙන උඹලාත් උන් වගෙ හැසිරෙන්නෙපා. 99%කට කෙලවෙන්නෙ තමන් කව්ද කියල නොදැන ලව් කරන්න ගිහින්. ඒක දැනගෙන ලව් කරනවනම් තමන්ගෙ සීමාව දන්නවනම් ඔය හුගක් ප්‍රශ්න මුල් කාලෙම විසඳෙනවා. 😊













