Home Uncategorized කතුරුමුරුංගා කොල මේ තරම් ගුණයි කියලා ඔබත් මීට කලින් දැන සිටියා නම්...

කතුරුමුරුංගා කොල මේ තරම් ගුණයි කියලා ඔබත් මීට කලින් දැන සිටියා නම් දවස ගානේ කන්න හිතෙයි

0
38

පෝෂණීය සහ ඖෂධීය ගුණ රැසකින් සපිරි කතුරුමුරුංගා හරිම වටින කොළ වර්ගයක්. කන්න ආස හිතෙන රසවත් කෑමක්…

ඉතා අඩුවෙන් මල් හට ගන්නා හරිත වර්ගය සහ මල් රැසක් හට ගන්නා සාමාන්‍ය වර්ගය ලෙස කතුරු මුරුංගා වර්ග දෙවර්ගයකි. පහතරට සහ මැදරට තෙත් හා වියළි කලාපවල කතුරුමුරුංගා සාර්ථකව වගා කළ හැකි ය. රනිල කුලයට අයත් කතුරු මුරුංගා වගා කිරීමේ දී බීජවලින් පැළ නිපදවාගත යුතු වන අතර බීජ උස් බඳුන්වල තවාන් කළ යුතු වෙයි. හොඳින් මෝරා කහ ගැසී ඇති වියළුණු අලුත් ම කරල් තවාන් කිරීම සඳහා වඩාත් සුදුසු වේ. කරල්වලින් බීජ වෙන් කර ගත් විගසම තවාන් කළ යුතුය. පැළ වන තෙක් දිනපතාම ජලය සැපයිය යුතුයිවෙයි. “හරිත“ වර්ගය දඬු කැබලි මගින් ප්‍රචාරණය කර ගත හැක.

පැළ සිටු වීමේදී කොම්පොස්ට්, ගොම ආදී පොහොර සමඟ මතුපිට පස් කලවම් කොට යොදා ඒ මත පැළ රෝපණය කල යුතුවේ. මාස හයකට වරක් වත් ගොම, කොම්පොස්ට් පොහොර, මේ හැර දැව අළු ආදිය යෙදීම ද සුදුසුවේ. ගෙවත්තක හොඳින් හිරු එළිය ලැබෙන වැට මායිමක් වැනි තැනක සිටුවීම වඩාත් සුදුසු අතර බඳුනක වූවද වගා කල හැක. පැළ කුඩා අවස්ථාවේදී පටන්ගොළුබෙල්ලන්ගේ හා කොළ කන දළඹුවන්ගේ හානිය ඇති විය හැකි අතර අතින් අහුලා ඉවත් කිරීමට හෝ අළු යොදා පාලනය කල හැක. පැළසිටුවා මාස අටක් ක් පමණ ගත වූ පසු කොළ අස්වැන්න ද, වසරකට පමණ පසු මල් අස්වැන්න ද ලබා ගත හැකි වන අතර අතු කපා ගැනීමෙන් අතු නව දලු ලියලා වර්ධනය වන බැවින් ගසේ ආයු කාලය දිගු වෙයි.

කැල්සියම් සපිරි කතුරුමුරුංගා කොළ වෑංජනයක් ලෙසත්, මැල්ලුමක් ලෙසත් භාවිත කළ හැකි අතර මල් ද රසවත් වෑංජනයක් ලෙස හෝ මේරු කතුරු මුරුංගා කරල්, උණුදියෙන් තම්බා, ව්‍යාංජනයක් ආකාරයට පිසගත් කල රසවත් ආහාරයකි.

මුඛය දෙපස පැලුණු විට හා වේදනාකාරී උෂ්ණ ගෙඩිවලට ද කතුරුමුරුංගාවලින් ගුණ ලැබෙයි.හිස කෙස් වර්ධනය කරයි. කතුරු මුරුංගාවලට පිළිකා ඇති වීම මර්දනය කිරීමටත් ඇති වූ පිළිකා මර්දනය කිරීමටත් හැකියාවක් ඇත. කිරි පණුවන් නැති කර ශරීරයේ විෂ නසයි අතර මළ බද්ධය නැති කරයි. පීනසට ගුණදායක ය.

වස විස නැතිව ගෙවත්තේම වගා කරගන්නා කතුරුමුරුංගා වලින් ඔබේ පෝෂණ අවශ්‍යා රැසක් සපුරා ගත හැකියි. මේ අයුරින් අලංකාර මල් පිපෙන දම් පැහැ සහ සුදු පැහැ කතුරුමුරුංගා පඳුරක් දෙකක් වගා කර ගැනීමට ඔබේ මිදුලේ ඉඩ කඩ වෙන් කිරීම ඉතාම ඵල ප්‍රයෝජනවත් වෙනවාට සැක නැත.

උපුටාගැනීමක්

Previous articleසල්ලි කොච්චර හෙව්වත් ලඟ රැඳෙන්නෙම නැද්ද ? එහෙනම් මේක කරලා බලන්න… ධන වාසනාව කැන්දන ”ජල රහස”
Next articleදෙවියන් දුන් සුදුළුණුවල විශ්මිත බලය… ආහාරයට ගත්තොත් දැනෙන ප්‍රතිඵල හිතා ගන්න බැරිවෙයි …
error: Content is protected !!
Verified by MonsterInsights