Home දේශිය පුවත් රෑට බිම නිදාගන්නවා නම් මේක බලන්නම ඕනේ…. ඔබේ ජීවිතය බේරගන්න තියෙන එකම...

රෑට බිම නිදාගන්නවා නම් මේක බලන්නම ඕනේ…. ඔබේ ජීවිතය බේරගන්න තියෙන එකම ක්‍රමය මෙන්න. නිහඬව පැමිණ පණ ගෙනියන කෙනෙක් තමයි මෙයා…

0
1127

ලංකාවේ ඉන්න සර්පයන් අතරින් දරුණුම විෂ තියෙන, ඒ වගේම හරිම කපටි සර්පයෙක් තමයි “කරවලා” කියන්නේ.

ලංකාවේ සර්ප දෂ්ටනයන් නිසා සිදුවන මරණවලින් වැඩිම ප්‍රමාණයකට වගකියන්නෙත් මේ සර්පයාමයි. ඔබත් රාත්‍රියේ බිම නිදාගන්න කෙනෙක් නම්, මේ කරුණු ටික අනිවාර්යයෙන්ම කියවන්න.

ලංකාවේ ප්‍රධාන වශයෙන් කරවලුන් වර්ග දෙන්නෙක් ඉන්නවා:
තෙල් කරවලා (Common Krait): ඇඟ පුරා සුදු පාට ඉරි ජෝඩු විදිහට තියෙන, තද කළු පාට සර්පයෙක්. වැඩිපුරම මිනිස් ජීවිත බිලිගන්නේ මොහුයි.
මුදු කරවලා (Ceylon Krait): ඇඟේ තනි සුදු පාට මහත වළලු තියෙන, ලංකාවට විතරක් ආවේණික සර්පයෙක්.

කරවලාගේ තියෙන බහිබිහිසුණුම දේ තමයි, ඌ දෂ්ට කළාම ලොකු වේදනාවක් දැනෙන්නේ නැති එක. හුඟක් වෙලාවට කුහුඹුවෙක් කෑවා වගේ පොඩි කටු ඇනුණු ගතියක් විතරයි දැනෙන්නේ. ඒ නිසාම හුඟක් අය දන්නේ නැහැ තමන්ට සර්පයෙක් දෂ්ට කරලා කියලා.

පළමු පැය 2 ක කිසිම වේදනාවක් හෝ ඉදිමීමක් නැහැ. හැබැයි විෂ රහසේම ඔබේ ස්නායු පද්ධතියට පහර දෙනවා.

පැය 3 – 6 ඇස් පියන් පහත් වෙන්න පටන් ගන්නවා (ඇස් ඇරගන්න බැරි වෙනවා). තදබල බඩේ කැක්කුමක් එනවා. හුඟක් අය මේක ගැස්ට්‍රයිටිස් කියලා වරදවා වටහා ගන්නවා…

පැය 6 – 12 කතා කරන්න බැරි වෙනවා, කෙළ ගිලින්න අමාරු වෙනවා. හුස්ම ගන්න බැරි වෙලා පෙනහළු අකර්මණ්‍ය වෙන්න පටන් ගන්නවා. පැය 12න් පසු ප්‍රතිවිෂ ලබා නොදුන්නොත් මරණය පවා සිදුවිය හැකියි.

කරවලා කියන්නේ රෑට විතරක් එළියට එන සර්පයෙක්. උන් මිනිස් සිරුරේ උණුසුමට හරිම ආසයි. ඒ නිසා රෑට බිම නිදාගන්න අය අසලට ඇදී එන කරවලා, නිදා සිටින පුද්ගලයාගේ ඇඟ වැදුණු සැනින් දෂ්ට කරනවා.

ඔබ රාත්‍රියේ බිම නිදාගන්නවා නම් අනිවාර්යයෙන්ම මදුරු දැලක් පාවිච්චි කරන්න. එයින් කරවලුන්ගෙන් සිදුවන අනතුරු 100%ක්ම වළක්වා ගන්න පුළුවන්.

යම් හෙයකින් දෂ්ටනයක් සිදු වුවහොත් දෂ්ට කළ තැන සෝදන්න එපා, ඒකෙන් වෛද්‍යවරුන්ට සර්පයා හඳුනාගන්න ලේසි වෙනවා.ඒ වගේම තදින් බඳින්න එපා… ලේ ගමනාගමනය නතර වෙන විදිහට තදින් බඳින්න එපා.

ඒකෙන් අවයවය කුණු වෙන්න පුළුවන්. ඇස් ඇරගන්න බැරි නම්, බඩේ කැක්කුමක් තියෙනවා නම් තප්පරයක්වත් පමා නොවී ලොකු රෝහලකට යන්න.

Previous article“මට යාළුවෝ නැතත් කමක් නෑ….. අම්මයි තාත්තයි ටීචර් රුවනි නිසංසලයි ඉන්නවනේ” පුංචි දියණියක් රටේම දෑසට කඳුළු එක්කළ මොහොත.
Next articleබූට් එකේ රිදුම දුරකථනයෙන් පිරිමසා ගත් හැටි. මතුගම ගුරුවරියට මහමගදී සිදුවූ අකරතැබ්බය. ආදරය වෛරයකින් අවසන් වෙයි.
error: Content is protected !!
Verified by MonsterInsights