Home දේශිය පුවත් සීරීමක් විතරයි කියලා හිතුවොත් අන්තිමට වෙන්නේ මේකයි..” – 14 දෙනෙක් නිහඬවම අවසන්...

සීරීමක් විතරයි කියලා හිතුවොත් අන්තිමට වෙන්නේ මේකයි..” – 14 දෙනෙක් නිහඬවම අවසන් ගමන් ගිය බියකරු හේතුව මෙන්න..

0
386
නිවසේ ඉතාම ආදරයෙන් සහ ළඟින්ම තබාගෙන හුරතල් කරන පිරිසක් නිසා පසුගිය වසරේදී පමණක් මෙරටින් පුද්ගල මරණ 14ක් වාර්තා වී ඇති බවට සෞඛ්‍ය අංශ අතිශය භයානක අනාවරණයක් සිදුකර තිබෙනවා.

මෙය සාමාන්‍ය මරණ පුවතකට වඩා බියකරු වන්නේ, මරණයට පත්වූ පිරිසෙන් වැඩි දෙනෙකුට මෙම ඉරණම අත් වී ඇත්තේ පාරේ වසන සතුන්ගෙන් නොව තමන්ගේම නිවසේ සාමාජිකයෙකු ලෙස සලකන හුරතලුන් හරහා වීම නිසයි.

වෛද්‍යවරුන් පෙන්වා දෙන අන්දමට, යම් සීරීමකින් හෝ සපා කෑමකින් පසු අදාළ රෝග ලක්ෂණ ශරීරයෙන් පිටතට පෙන්නුම් කිරීමට පටන් ගත්තොත්, එම පුද්ගලයා බේරා ගැනීමට ලොව කිසිදු වෛද්‍ය විද්‍යාවකට හෝ ඖෂධයකට හැකියාවක් නැත.

එහිදී මරණය සියයට සියයක්ම සහතික බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

වාර්තා වී ඇති දත්තවලට අනුව මෙම මරණ 14න් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පුත්තලම, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලිනි.

තමන්ගේ හුරතලාට නියමිත කාලයට එන්නත් ලබා නොදීම සහ සුළු සීරීමක් ගැන පවා නොසලකා හැරීම මේ මරණවලට ප්‍රධාන හේතුව වී තිබේ.

බොහෝ දෙනෙක් සිතන්නේ තමන්ගේ හුරතලා සීරීමක් කළ විට එය සාමාන්‍ය දෙයක් කියාය.

නමුත් සෞඛ්‍ය අංශ පවසන්නේ ඕනෑම සීරීමක් හෝ සපා කෑමක් සිදු වූ වහාම කිසිදු ප්‍රමාදයකින් තොරව රජයේ රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීම පමණක්ම ජීවිතය රැකගැනීමට ඇති එකම මග බවයි.
Previous article“අම්මේ මම A නවයක් ගන්නවා” පුතෙකු දුන් පොරොන්දුවක් ඇයට හීනයක්ම වෙයි.. මතක ඉතිරි කර නිහඬවුණු ආනන්දයේ ඔනෙත් ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න…
Next article“වසර 8ක ආදර කතාව මාලිගාවකදී කෙළවර වෙයි..” – විජේ සහ රශ්මිකාගේ වෙඩින් එකේ රහස් මෙන්න! ඇයි මේ තරම්ම රහසිගත?
error: Content is protected !!
Verified by MonsterInsights