දිනකට පියවර 7000 ක් පමණ ඇවිදීමෙන් මොළයේ සෞඛ්‍ය සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වන බවත් විවිධාකාර රෝගාබාධ වලට ගොදුරුවීම සැහෙන මටට්ටමකින් අඩු කරන බවත් ලොව ප්‍රකට මහජන සෞඛ්‍ය පිළීබඳ වෛද්‍ය සඟරාවක් වන ලැන්සෙට් සඟරාවේ පළ කර ඇති නවතම පර්යේෂණ වර්තාවකින් අනාවරණය කර තිබෙනවා.
මෑතකදී සිදු කර ඇති අදාළ පර්යේෂණයේ වාර්තාවට අනුව මෙතෙක් මොළයේ සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා දිනකට ඇවිදිය යුතු බවට නිර්දේශ කර තිබූ පියවර 10,000 ට වඩා පියවර 7000 ක ප්‍රමාණයක් දිනකට ඇවිදීමෙන් විශාල සෞඛ්‍ය ප්‍රතිලාභයක් අත්පත් කරගත හැකි බව පර්යේෂකයන් විසින් සඳහන් කර තිබේ.
මෙම නවතම පර්යේෂණ වාර්තාවට අනුව දිනකට පියවර 7000ක් ඇවිදීම හරහා පිළිකාවන්, හෘද රෝග හා ඩිමෙන්ෂියා වැනි රෝග වලට ගොදුරු වීමේ අවදානම අඩු කරන බව හෙළිකර තිබේ.
පර්යේෂකයන්ට අනුව දිනකට පියවර 7000ක් ඇවිදීමෙන් වයස අවුරුදු 38 ත් 50ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අය කලින් මිය යෑමේ අවදානම සියයට 50ත් 70ත් අතර ප්‍රතිශතයකින් අඩු කරගතහැකි අතර එම පියවර මට්ටම ඉක්මවා දිනකට පියවර 10,000 ක් හෝ එයට වඩා වැඩි පියවර සංඛ්‍යාවක් ඇවිදීමෙන් වැඩි සෞඛ්‍ය ප්‍රතිලාභයක් අත් කරගතනොහැකිය.
ලොව පුරා පුද්ගලයන් එක්ලක්ෂ හැටදහසකට අධික පිරිසක් යොදා ගනිමින් සිදු කර ඇති පර්යේෂණයකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
පර්යේෂකයන්ට අනුව පුද්ගලයකු දිනකට පියවර 4000ක් ඇවිද්ද ද සෞඛ්‍ය තත්ත්වයේ වැඩි වර්ධනයක් සිදු කරගත හැකිය.
වෛද්‍යවරුන්ට අනුව පිරිමියකුගේ පියවරක ප්‍රමාණය අඩි 2.6ක් වීම නිසා දිනකට පියවර 7000ක් ඇවිදීම යනු සැතපුම් 3.45 ප්‍රමාණයක දුරක් වන අතර කාන්තාවකගේ පියවරක් අඩි 2.2 ක් වන නිසා පියවර 7000ක් යනු සැතපුම 2.92ක දුරකි.
ලැන්සෙට් සඟරාවේ පළ කර ඇති අදාළ පර්යේෂණ වාර්තාවට අනුව පුද්ගලයකු දිනකට පියවර 7000ක් ඇවිදීමෙන් හෘද වස්තුව ආශ්‍රිත රෝග තත්ත්වයන් හටගැනීම සියයට 25 කින්ද, පිළිකාවන්ට ගොදුරුවීමේ හැකියාව සියයට 6 කින්ද ඩිමෙ පියා රෝගයට ගොදුරුවීම සියයට 38 කින්ද ඩිප්‍රෙෂන් හෙවත් විශාදය රෝගයට ගොදුරුවීම සියයට 22 කින්ද අඩු කරගත හැකිවේ.