හැමෝම කැමතියි නේ ලස්සන සිනහවකට..
මේ කියන්න යන්නේ අන්න ඒ සිනහව රැකගන්න ඔබට ගොඩක් වැදගත් වන ඔබේ දත් දෙපළ රැකගන්නේ කොහොමද කියන එක ගැන කතාවක්..
ඉතින් ඔබේ සිනහව රැකදෙන දත්පෙළේ ආරක්ෂාවට ඔබ යොදාගන්නා දන්තාලේපය ගැන සැලකිලිමත් වෙන එකත් වැදගත්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන විශේෂ කතාවක්..
දත් පවිත්‍ර කිරීමට, දත්වල පෙනුම හා සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට ද දන්තාලේප භාවිතා කරන අතර, මුඛයෙන් වහනය වන දුර්ගන්ධ ශ්වසනය ඉවත් කිරීමට ද හැකියාව පවතිනවා…
එසේම ඒවායෙහි අඩංගු ෆ්ලෝරයිඩ් ආදී ක්‍රියාකාරී අමුද්‍රව්‍ය විදුරුමස් රෝග වැළැක්වීම සඳහා උපකාරීවන අතර, තවද ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප මඟින් දත් දිරායෑමට හේතුකාරක වන බැක්ටීරියා වර්ධනය වළක්වා දත් දිරා යෑම් අඩු කරන බව පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙනවා.. දන්තාලේප තෝරා ගැනීමේදී එබැවින් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප තෝරාගැනීම වැදගත්..
එසේම දන්තාලේපයේ ගොරෝසු බව වැඩිවීමත් සමඟ දතේ එනමලයට හානි පැමිණීමක් සිදුවිය හැකි හෙයින් සුමුදු දන්තාලේපයක් භාවිතා කිරීමට ඔබත් වගබලාගන්න… දන්තාලේපයක් නිෂ්පාදනය කර කාලයක් ගතවීමත් සමඟ එහි අඩංගු රසායන ද්‍රව්‍ය ක්ෂය වීමත් සිදුවෙන නිසා දන්තාලේප මිලදී ගැනීමේ දී නිෂ්පාදිත කාලය පිළිබඳව අවබෝධය වැදගත්…
වැඩිහිටියකු නම් දන්තාලේප ගත යුත්තේ කඩල ඇටයක ප්‍රමාණයක් වන අතර දන්තාලේප බුරුසුවට දමා ගැනීමේදී බුරුසුවේ දි ක් අතට නොව හරස් අතට දමා ගැනීමෙන් නිසි පමණට ගැනීම පහසු වෙනවා… කුඩා දරුවෙකුට මුං ඇටයක පමණ ප්‍රමාණයක් වරකට ගැනීම නිර්දේශ කෙරෙන අතර කුඩා ළමයින්ට දන්තාලේප පාවිච්චියට දිය යුත්තේ කෙළගැසීමට හැකිවන වයසේදීයි..
දත් මැදීමට පෙර දත් බුරුසුව තෙමීම බොහෝදෙනෙකුගේ සිරිතක් වූව ද බුරුසුව වියළිව ඇතිවිට දත් මැදීමට ගන්නා දන්තාලේප මුඛයේ වැඩි වේලාවක් රඳවා ගැනීමට හැකියාවක් ලැබෙනවා.. මින් දන්තාලේපවල ඇති ෆ්ලෝරයිඩ් වැඩි වේලාවක් මුඛයේ රඳවා ගැනීමට හැකියාව ඇති අතර, මෙලෙස වැඩි වේලාවක් ෆ්ලෝරයිඩ් මුඛයේ තබා ගැනීමෙන් එහි ඇති ෆ්ලෝරයිඩ් අයන දතේ මතුපිට, ශ්ලේෂ්මල පටලය ආදී ස්ථානවල වැඩිපුර වේලාවක් රඳවා ගැනීමෙන් ෆ්ලෝරයිඩ්හි ක්‍රියාකාරීත්වය වැඩි වේලාවක් මුඛයේ පවත්වාගත හැකියි..
දන්තාලේප යොදා දිනකට දෙවාරයක් දත් මැදීම සාමාන්‍ය නිර්දේශය වන අතර එය උදේ සහ රාත්‍රී (නින්දට පෙර) සිදු කිරීම ඉතා වැදගත් වෙනවා… බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්නොවුණු දන්තාලේප වැනි මුඛ සෞඛ්‍යය පිළිබඳව අත්‍යාවශ්‍ය දෑ පිළබඳව අවධානයෙන් සිටීමට අමතක කරන්න එපා…
අන්තර්ජාලය ඇසුරෙන්..









