Home දේශිය පුවත් මට ගිෆ්ට් එකක් හම්බවෙනවා එතනදී, ඒක ඒ කාලේ හැටියට ලොකු මුදලක්..” ඔහුගේ...

මට ගිෆ්ට් එකක් හම්බවෙනවා එතනදී, ඒක ඒ කාලේ හැටියට ලොකු මුදලක්..” ඔහුගේ හැකියාව ගැන එදා ඒ අනාවැකිය කිව්වේ කවුද..? රටක් ආදරේ කරන ඔහුට ලැබුණු ඇගයීම

0
88

 

“ජෝඩු කරගෙනා – හද බැඳුණේ බාලෙයි සුදූ
රෝග නොකරනා – අමුතු හිතකි නුඹම තැනූ”

ඒ හඬ ඇත්තෙන්ම උමතුවක්.. ඕනම වයසක අයෙක් මේ මියුරු ගීත මුමුණන්නේ ඔහු ඒ ගීතය තුළ ජීවත් වෙමින් ඒ වචනවලට ලබාදෙන අලංකාරය නිසා වෙන්නටම ඕන..

හැමෝටම එහෙම ගීත ගයන්න බෑ.. ඒත් ඔහුට පුළුවන් රසික හිත්වලට පෑහෙන විදිහටම ගීත ගයන්න.. කවුරු ගැනද මේ කතාව, මනේජ් සංජය.. ඔහුගේ ගානය දිවියට ඊයේ තවත් එක් විශේෂ දවසක්.. ASIA MIRACLE AWARDS – BEST MALE SINGER OF THE YEAR 2025 සම්මානය තමන්ගේ දෝතට ගන්න ඔහු වාසනාවන්ත වුණා.. ගායකයෙක් විදිහට ඔහුට දැනෙන ඒ සතුට මනේජ් වචනවලට පෙරළුවේ මෙන්න මේ විදිහටයි..

ඔබේ ජීවිතයට ඊයේ රාත්‍රිය ගොඩක් විශේෂයි.. අපි ඒකෙන්ම මේ කතාබහට මුල පුරමු..

ඔව් ඇත්තෙන්ම, විශේෂයි.. ජීවිතයේ තව සංධිස්ථානයක් ඉතින්.. සෑහෙන්න සතුටුයි, මොකද කලාකරුවෙක් වුණාම ගායකයෙක් වුණාම පුංචි පුංචි හීන තියනවා.. ඒ හීනවල ඉටුවීමක් තමයි මේ.. හරිම සතුටුයි ඒ ගැන..

ඔබේ ගායන දිවියේ හැරවුම් ලක්ෂයක් නේ මේ සම්මානය.. ඒ සම්මානය අතට ගත්ත මොහොතේ කාවද මතක් වුණේ..? මොනවාද දැනුනේ..?

ඇත්තටම වචනයෙන් කියන්න බැරි සතුටක් දැනුනේ.. සෑහෙන්න කැපකිරීම කළා මම.. මම බින්දුවේ ඉඳලා ආව කෙනෙක්.. ගායන ජීවිතයේ හිරු ස්ටාර් වේදිකාවෙන් ඔයාලා ආදරය කරන්න පටන් ගත්ත කෙනෙක්.. ඒත් එක්කම මගේ වටේ හිටපු රසික පිරිස මට ආදරය කරන පිරිස, ඒ හැමෝම එක්ක එකතුවෙලා මට මේ වටිනාකම දීලා තියනවා.. ඉතින් ඒ ගැන මට කියන්න බැරි තරම් සතුටක් තියෙන්නේ.. මගේ හයියට හිටපු ඔයාලා හැමෝටම හැමදාමත් බොහොම ස්තූතියි.. ඒක තමයි කියන්න තියෙන්නේ..

රසිකයෝ කියන්නේ ඔබේ ජීවිතයට වැදගත් පිරිසක්.. සම්මානයක් ගත්ත මේ මොහොතේ රසිකයින්ගෙන් ලැබෙන ආදරය ගැන මොකක්ද කියන්න තියෙන්නේ..?

රසිකයින්ගෙන් ලැබෙන ආදරය කියලා නිමකරන්න බෑ.. මොන ප්‍රසංගයට ගියත් ඒ ආදරය තවමත් එකම විදිහට ලැබෙනවා.. මට මේ ලැබුණ දේත් එයාලා නිසා.. ඒත් ඒ හැම දෙයක්ම තාවකාලික වෙන්න පුළුවන්..

වසරේ ගායකයා.. මේ සම්මානයත් එක්ක ඔබේ වෘත්තීය ජීවිතයට තවත් වටිනාකමක්, වගකීමක් එක්වෙනවා..

ඔව් ඒක මට ලැබුණු වටිනාකමක්.. සම්මානයක් ලැබුණා කියලා පොළොවට අඩි ගාණක් උඩින් යන්නේ නෑ,.. මම එදා හිටපු විදිහම තමයි ඒකේ කිසි වෙනසක් නෑ.. ඒ සම්මානය කියන්නේ මිනිස්සුන්ගෙන් මට ලැබුණු වටිනාකමක්.. ඒක ගැන සතුටක් තියනවා පරණ පුරුදු විදිහටම තමයි මම ඉස්සරහටත්..

ඔබ එන්නේ හිරු ස්‍ටාර් රියැලිටි වේදිකාවෙන්.. ඊට කලින් ඔබේ සංගීත ජීවිතයට අඩිතාලකමක් වැටෙන්නට ඇති.. අපි ඒ අතීතය ගැනත් මතක් කරමු..

අහ්, ඒක ගැන මතක් කරද්දී කිහිප දෙනෙක්ම ඉන්නවා මට කියන්න, එතකොට මම පුංචියි.. මට අවුරුදු 10දී මම මුලින්ම ගමේ ෆ්ලෑෂ්බැක් ශෝ එකක් තියනවා… ඒ ශෝ එකේදි තමයි මට මුළින්ම ගීත ගායනා කරන්න අවස්ථාවක් ලැබුණේ.. එදා එක ගීයක් ගයන්න මට අවස්ථාව ලැබෙනවා.. මම ඉරෙන් හඳෙන් තමයි එදා ගායනා කළේ.. ඉතින් මම ඒක කියනවා දැකලා රොෂාන් ප්‍රනාන්දු අයියා මගේ ළඟට ඇවිල්ලා කියනවා, “මේ දරුවා ඉතාම හොඳට ගායනා කරනවා කියලා කිව්වා..” මට ගිෆ්ට් එකක් හම්බවෙනවා එතනදී එන්විලොප් එකක දාලා ඒ රුපියල් 2000ක්.. ඒක ඒ කාලේ හැටියට ලොකු මුදලක්.. ඒක මට සම්මානයක් හා සමාන වුණා.. ඊට පස්සේ මට කිව්වා දවසක මේ දරුවා ලංකාවේ හොඳ ජනප්‍රිය ගායකයෙක් වේවි කියලා.. ඒත් එක්කම මට එදා තව ගීයක් ගයන්න හම්බවුණා ෆ්ලෑෂ්බැක් එක්ක.. ඒක එක සංධිස්ථානයක්.. ඒ වගේමයි මගේ සංගීත ගමනේ දෙවනි සංධිස්ථානය වෙන්නේ ජනක දීප්ත අයියා.. ඔහුවත් මම ආදරයෙන් මතක් කරනවා.. ඒ වගේම මගේ ජීවිත වෙනස් වෙන්නේ හිරු ස්‍ටාර් හරහා.. ඒ තරගයේ මම 7 වැනි තැන ලබාගන්නවා.. ඒකට මම ස්තූතිවන්ත වෙනවා.. හිරු ටීවී නාලිකාවට වගේම හිරු ස්ටාර් කාර්‍ය මණ්ඩලයේ හැමෝටම මේ වෙලාවේ..

පුංචි කාලේ ඉඳලා ගායනයට තිබුණු ඒ හැකියාව ගැන ඔබ කතා කලානේ.. මේ හැම දෙයක්ම වෙනස් වෙන්නේ එක් රියැලිටි වේදිකාවක් නිසා.. හිරු ස්ටාර් නොතිබෙන්න ඔබට මේ ගමන මොන වගේ දුශ්කර වේවිද..?

එහෙනම් මේ ගමන හිතනවාට වඩා දුෂ්කර වෙනවා.. මොකද හිරු ස්ටාර් වේදිකාව හරහා මට එකතු වුණු රසික ප්‍රජාව ඉතාම අධිකයි.. මට ආදරය කරන පිරිස විශාලයි.. මම හිරු ස්ටාර් වේදිකාවේ ගයපු එක ගීතයක්, එක රැයකින් මුළු ලංකාවේම බොහොම ජනප්‍රිය වෙනවා.. එතනින් තමයි මගේ ජීවිතයේ ප්‍රසංග වේදිකාවේ පවා පෙරලියක් සිද්ධ වෙන්නේ.. ඉතින් ඒ සිද්ධිය මං හරි ආදරයෙන් මතක් කරනවා ඒක ගැන..

ඔබ ගායකයෙක්.. ඒ වුණාට ඔබට ආදරය කරන ඇතැම් රසිකයින් ඉන්නවා ඔබේ විලාසිතාවලට පවා ආදරය කරන.. අදටත් අඩු නැති ඒ රසික ආදරය ගැන කොහොමද දැනෙන්නේ..

ඇත්තටම ඒක කියාගන්න බැරි සතුටක්.. ඉතින් ගායකයෙක් වුණා කියලා එහෙම ලොකු මානසිකත්වයක් මට නෑ.. මම ස්ටේජ් එක උඩ විතරයි ගායකයා කියන තැන ඉන්නේ.. එතනින් එහා මට ලොකු මානසිකත්වයක් මට නෑ.. ස්ටේජ් එකෙන් පහළ මම එයාලා එක්ක සාමාන්‍ය විදිහට මම මගේ ජීවිතය බෙදාගන්නවා.. එහෙම තමයි ඉතින් වෙන්නේ..

රසිකයින් ගැනත් කතා කළ නිසා, අලුත් නිර්මාණ ගැනත් අපි මතක් කරමු..

ඇත්තටම පසුගිය දවස්වල සෑහෙන්න ප්‍රතිචාර හම්බවුණා, හිරු ටීවී වෙසක් පෝය සහ පොසොන් පෝය වෙනුවෙන් නිර්මාණය කළ ගීතවලට.. ඒක ආදරයෙන් මතක් කරනවා.. රැල්ල වෙරළට ආදරෙයි ටෙලි ඩ්‍රාමා එකේ තේමා ගීතය ඇතුළු ගීත ගායනා කරන්න මට අවස්ථාවක් ලැබුණා.. ඒ ගීත හැම එකකටම වගේ ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.. ඒ වගේම අලුතෙන් පටන් ගත්ත ” මලක් ” ටෙලි ඩ්‍රාමා එකේ ගීත ගායනා කරන්නත් මට අවස්ථාවක් ලැබුණා.. ඉතින් ඒකට හිරු ටීවී එකට ගොඩක් ස්තූතියි කියලා තමයි කියන්න තියෙන්නේ..

මනේජ් සංජය කියන මේ චරිතය ගොඩනැගෙන්න අවස්ථාවක් නොතිබෙන්න තිබුණා ඔබේ පවුල නැත්නම්.. ඔබට ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් අපි අනිවාර්‍යයෙන්ම මතක් කරමු..

මට සෑහෙන්න සහයෝගයක් හම්බවෙනවා.. ඉතින් ඒක ආදරයෙන් මතක් කරනවා.. මොකද ඒ හයිය නැත්තන් මේ ගමන එන්න හ‍රි අමාරුයි.. ඉතින් හරි සතුටෙන් පවුලේ අයත් එක්ක මේ ගමන යනවා..

පුංචි පැටව් දෙන්නා ගැනත් මතන් කරමු මනේජ්.. ඒ දෙන්නාගේ අනාගතය ගැන තියෙන්නේ මොන වගේ හීනයක්ද…?

ඔව් ඇත්තටම තාත්තා කෙනෙක් විදිහට උපයන හැම රුපියලක්ම එයාලාගේ අනාගතය වෙනුවෙන් තමයි, ඒ වෙනුවෙන් තමයි අපි හැම හීනයක්ම දකින්නේ.. මගේ පණ කිව්වොත් හරි මගේ ජීවිතේ මගේ දරුවෝ දෙන්නා.. මගේ පවුල.. හැමෝටම වගේ ඒ හැඟීම මටත් තියනවා..

ආසයිද ඒ දෙන්නාගෙන් කවුරු හරි දවසක ගායන ක්ෂේත්‍රයට එනවාට..?

ඔව්, දැනටම දුව නම් සින්දු කියනවා.. ගෙදර ඉද්දිත් එයා සින්දු කියනවා.. මමයි එයයි එකතු වෙලා ගීතයක් කරන්න ආසාවෙන් ඉන්නවා.. තාම ඒකට වෙලාවක් ලැබුණේ නෑ.. මට තියන කාර්‍යබහුලත්වයත් එක්ක.. එයා එක්ක ගීතයක් කරන්න ආසාවෙන් ඉන්නවා.. තවම පුතාට මාස 6යි නේ.. ඉතින් බලමු.. එයා ලොකු වෙද්දී කොහොම වෙයිද කියලා..

Previous article.මම ආයෙම ආවා !! රිදී තිරයේ ආන්දෝලනාත්මක චරිත රැඟූ ඩිලානි අබේවර්ධන හදිසියේ ම ලංකාවට ආවේ ඇයි ?
Next article“රාත්‍රි 8.00 පසුවී විනාඩි 42යි…” ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4ම නවතියි… අවසාන තීරණය – යානය මුහුදට ගොඩ බැස්සවීමයි… ලොවක් කැළඹූ ඒ ඇසෙන කතාව මොකද්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights