Home දේශිය පුවත් “මං දුවට ඒකට පිටිපස්සෙන් ඉඳන් උදව් කරනවා…” ඇගේ ගමන ගැන නදීර ආදරයෙන්...

“මං දුවට ඒකට පිටිපස්සෙන් ඉඳන් උදව් කරනවා…” ඇගේ ගමන ගැන නදීර ආදරයෙන් කී කතාව මෙන්න..

0
89

ඔහු වගේම දුවත් මේ වෙද්දී ගොඩක් ජනප්‍රියයි.. මේ කියන්න යන සුසංයෝගය කවුද..?

නදීර නෝනිස් වගේම මාරියා නෝනිස් , ඒ දෙන්නාගේමද් ජීවිත‍ය වෙලා තියෙන්නේ සංගීතය නේ.. කොහොම වුණත්, ප්‍රසංග වේදිකාව උඩ කාටත් මතක් හිටින වැඩ පෙන්වපු හරි අපූරු චරිතයක් තමයි නදීර නෝනිස් කියන්නේ… අද වෙනකොට ඔහුගේ දුව මාරියත් ඒ ගමන යන්න පටන් ගෙන.. නදීර ඇගේ ඒ සංගීත ගමන ගැන මෙන්න මේ විදිහට කතා කරලා තිබුණා..

නදීරගේ ගෙදර විස්තර ටිකක් කිව්වොත්?
මමයි, බිරිඳයි, පුතයි, දුවයි ඉන්නේ. පුතාට අවුරුදු 18 ක්. දුවට 15 යි.

ඒ අතරින් දුව මරියා නෝනිස් රටේ ජනප්‍රිය චරිතයක් වෙලා?
ඔව්. මගේ දුව මරියාටත් හොඳටම ගීත ගායනා කරන්න පුළුවන්. විවිධ අවස්ථාවල එයා ගායනා කරපු ගීත පසුගිය කාලේ සමාජ මාධ්‍යවල ඉතා ජනප්‍රිය වුණා. එයාගේ ආසාව හොඳ ගායිකාවක් වෙන්න. මං දුවට ඒකට පිටිපස්සෙන් ඉඳන් උදව් කරනවා. අද හෙටම දුවගේ අලුත් ගීතය “ඇසුත් හරවලා” එළිදක්වනවා. පුතා ජේසන් නෝනිසුත් ඊට ගායනයෙන් එකතු වෙනවා.

දුව තාත්තා ගිය පාරම තෝරගත්තේ ඔබේ ඉල්ලීමක් නිසාද?
අනේ නෑ. එයා පොඩි කාලයේ ඉඳන්ම සංගීතයට හරිම ආස කෙනෙක්.

මරියා “MAMA” ‍‍(මමා) කියලා අලුත් ස‍ංගීත කණ්ඩායමක් පටන් ගත්තා නේද?
ඔව්, ටික දවසක් පටන් අරගෙන. තාම පුහුණුවීම් කරගෙන යනවා. එකෝස්ටික් බෑන්ඩ් එකක්. දුව එක්ක සාමාජිකයෝ අටදෙනෙක් ඉන්නවා. මටත් දුව සංගීත කණ්ඩායමට කතා කළා. ඒ නිසා දැන් මමත් “MAMA” සංගීත කන්ඩායමේ ඉන්නවා. අපි තාම පුහුණුවීම් කරනවා.

සංගීත කණ්ඩායමට ඒ වගේ නමක් දාන්න හිතුවේ මොකද?
ඇත්තටම “MAMA” (මමා) කියලා නමක් දැම්මේ “අම්මා” කියන අදහසින්..

Previous articleහැමෝම ආදරේ කරන සමනලිය, ඒක නම් අදහන්නත් බැ…
Next articleකලා ලෝකයේ හැමෝම ආදරේ කල අනුරාධා.. ඔහුගේ අතගත්තාද ? සමාජ මාධ්‍ය කැළඹූ ඒ පුවත මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights