Home දේශිය පුවත් වස පුරා පාරේ අව්ව තැපෙමින් කෑම විකුණා හවස් වෙලා ගෙදර ගියාම ඔහුට...

වස පුරා පාරේ අව්ව තැපෙමින් කෑම විකුණා හවස් වෙලා ගෙදර ගියාම ඔහුට දැනෙන්නේ අධික වෙහෙසක්. “පාඩම් කරන්න ගියාම නින්ද යනවා.. ඒත් මූණ හෝදන් ඇවිත් රෑ එක දෙක වෙනකන් මම පාඩම් කරනවා”තවත් ආදර්ශමත් කතාවක්…

0
524

 

සමාජ මාධ්‍යයේ ඉඳහිට හමුවන මෙවැනි සැබෑ ජීවිත කතා අපේ හදවතට ලොකු ආදර්ශයක් දෙනවා.

අද අපි ඔබට කියන්න යන්නේ සවිඳු කනිෂ්ක කියන අභියෝග හමුවේ නොසැලෙන ඒ අපූරු තරුණයා ගැනයි.

සවිඳුට දැන් වයස අවුරුදු 16 යි. ඔහු ඉගෙන ගන්නේ ජාත්‍යන්තර පාසලක. නමුත් ඔහුගේ ජීවිතය සාමාන්‍ය ජාත්‍යන්තර පාසල් යන දරුවෙකුට වඩා ගොඩක් වෙනස්. පියා ජීවතුන් අතර නැති නිසාත්, කලින් ගිය පාසලේ ගාස්තු ගෙවා ගැනීමට නොහැකිව පාසලෙන් අයින් වීමට සිදු වීම නිසාත් සවිඳුට ජීවිතය අලුතින්ම පටන් ගන්න සිද්ධ වුණා.

සවිඳුගේ මව පාර අයිනේ කෑම සාදා විකිණීමට පටන් ගත් අතර, ඇයට සහය වෙමින් සවිඳු පාරට බැස්සේ කිසිම ලැජ්ජාවකින් තොරවයි. “මම මෙතන ඉන්නවා යාළුවෝ දැක්කත් කමක් නෑ.. සල්ලි හොයලා අපිට කාලා බීලා ඉන්න පුළුවන් නම් ලැජ්ජා වෙන්න ඕන නැහැනේ” කියලයි ඔහු කියන්නේ.

සවිඳුගේ එකම හීනය තමයි අනාගතයේදී ඉංජිනේරුවෙකු වීම. දවස පුරා පාරේ අව්ව තැපෙමින් කෑම විකුණා හවස් වෙලා ගෙදර ගියාම ඔහුට දැනෙන්නේ අධික වෙහෙසක්. “පාඩම් කරන්න ගියාම නින්ද යනවා.. ඒත් මූණ හෝදන් ඇවිත් රෑ එක දෙක වෙනකන් මම පාඩම් කරනවා” සවිඳු පවසන්නේ තමන්ගේ හීනය වෙනුවෙන් ඔහු කරන කැපකිරීම ගැනයි.

අභියෝග හමුවේ දණ නොනමන සවිඳු වැනි දරුවන් රටටම ආදර්ශයක්.

සමාජ මාධ්‍ය ඇසුරෙන්

Previous articleඇය නිදාගෙන ඉද්දි තමයි මේ de වෙලා තියෙන්නේ… ඇත්තටම මොන හිතකින්ද දෙවියනේ ඔහු මෙහෙම දෙයක් කළේ
Next articleමුත්‍රා දැවිල්ල සුව කරන ආයුර්වේද පිළියම් 7 ක්..
error: Content is protected !!
Verified by MonsterInsights