Home දේශිය පුවත් “එයා කවදාහරි එයි කියලා මං බලාගෙන ඉන්නවා.. දුව ඉන්නේ එයාගේ අම්මා ළඟ..”...

“එයා කවදාහරි එයි කියලා මං බලාගෙන ඉන්නවා.. දුව ඉන්නේ එයාගේ අම්මා ළඟ..” හදවතේ කකියන පිය සෙනෙහසත් එක්ක ධනංජය කියූ ඒ සංවේදී කතාව මෙන්න..

0
137

 

 

ඔහුගේ ජීවිතයේ තියන එකම ආදරය මේ පුංචි දෝණි විතරයි.. ධනංජය සිරිවර්ධන, අද කලා ලෝකයේ කවුරුත් කතා කරන චරිතයක්.

ඒ ඔහුගේ අද්විතීය රංගන හැකියාවත් එක්කයි. ඒත් අද ධනංජය ගැන කතා කළත්, ඒ හැමදාමත් අපිට මුණගැසෙන රංගන ශිල්පියා ගැන නම් නෙවෙයි.

සමාජමාධ්‍යවල මේ දිනවල ඔහු ගැන බොහෝ කතා වෙනවා. ඒ එක් වීඩියෝ පටයකින් ඔහු ඉදිරිපත් කළ අදහසක් ගැනයි. ධනංජය කියන්නේ ආදරණීය පියෙක්.

ඔහුගේ ලෝකය හැඩකළ ඒ පුංචි දියණිය තමයි මෞර්යා කියන්නේ. මේ වෙනකොට ඔවුන්ගේ පවුල් ජීවිතය ඇතුළේ මොන වගේ හැල හැප්පිම් තිබුණත් තමන්ගේ ආදරණීය දියණිය ගැන පියෙකු ලෙස සංවේදී වෙමින් ධනංජය පවසා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

“මට දුවෙක් ඉන්නවා. ඒ දුව පිළිබඳව මගේ දැක්මක් තියෙනවා. මං ඇයට ආදරේ කරනවා. නමුත් ඇය ඉන්නෙ පුංචි කාලේ අම්මත් එක්ක. අම්මට තමයි එයා වැඩිපුර කිට්ටු. හැබැයි මගෙ යාළුවෝ ඇතුළෙ හැමෝම කියනවා, එයා ලොකු ළමයෙක් වුණ දවසට එයා මාව හොයාගෙන එයි කියලා.

මං ඉන්නවා මෞර්යා මං ළඟට එනකල්. නමුත් මෞර්යා මං ළඟට ආවත් නැතත්, මම මෞර්යා වෙනුවෙන් කරන්න ඕනි හැමදේම මගේ පැත්තෙන් කරනවා කියන ඒ දැඩි විශ්වාසය මං ළඟ තියෙනවා. මොකද මගේ ජීවිතේ තියන එකම ආදරේ මෞර්යා විතරයි.”

Previous articleඇය රෝහලට ගෙනයන විටත් ජීවිතයෙන් සමු අරන්.. අබිරහසක් ඉතුරු කරමින් යෞවනියක් ජීවිතයෙන් සමුගනී..
Next articleඉපැරණි ග්‍රන්ථයකින් උපුටාගත් උපන් ලප වලින් කියවෙන අනාවැකි රැසක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights