Home ජීවිතයට යමක් විහිළු කළ ලෝකයක් අතරේ… තමන් වගේම පෙනුමක් ඇති පූසෙක් හමුවූ පුංචි මැඩන්ගේ...

විහිළු කළ ලෝකයක් අතරේ… තමන් වගේම පෙනුමක් ඇති පූසෙක් හමුවූ පුංචි මැඩන්ගේ සංවේදී කතාව..

0
208

අමෙරිකාවේ 🇺🇸 ඔක්ලහෝමා වල ජීවත් වෙන අවුරුදු 7ක මැඩන් කියන්නේ උපතින්ම වෙනස් පෙනුමක් අරන් ආපු දරුවෙක්. එයාගේ තොල් පිහිටලා තියෙන්නේ ටිකක් අසාමාන්‍ය විදිහකට. ඒ වගේම එයාගේ ඇස් දෙකේ පාටවල් දෙකක් තියෙන්නේ. එකක් නිල් පාටයි, අනෙක කොළ පාටයි.

මේ පෙනුම නිසාම ඉස්කෝලේ යාළුවෝ එයාට නිතරම විහිළු කරලා කොන් කරලා තියෙනවා. මේ දේවල් නිසා එයා හිටියේ ගොඩක් දුකින් වගේම මානසිකව වැටිලා.

හැබැයි දවසක් එයාගේ අම්මා අන්තර්ජාලයෙන් දැක්කා මැඩන් වගේම පෙනුමක් තියෙන පූසෙක්ව කවුරුහරි අරන් හදාගන්න දාලා තියෙනවා. පුදුමේ කියන්නේ ඒ පූසාගෙත් තොල් පිහිටලා තිබුණේ මැඩන්ගේ වගේමයි. ඒ වගේම ඇස් දෙකත් හරියටම මැඩන්ගේ වගේම නිල් සහ කොළ පාටයි.

ඉතින් මේ පවුලේ අය ගිහින් ඒ පූසාව ගෙදර අරන් ආවා. ‘මූන්’ කියලා නම දාපු මේ පූසා දැන්නම් මැඩන්ගේ හොඳම යාළුවා. තමන් වෙනස් වුණත් තමන් තනිවෙලා නැහැ කියලා දැන් මේ පුංචි දරුවාට තේරිලා තියෙනවා ❤️.

 

Previous articleබඩේ ගල්, වකුගඩු රෝග, සහ මල බද්දයට ගුණ දෙන සියඹලා වලින් සාදන අත්බෙහෙත ගැන ඔබ දන්නවාද..?
Next articleශලනි තාරකාගේ හදවත නතරවෙන අලුත්ම පින්තූර පෙළක් එළියට… කොහේ ගියත් හැමෝම ඇය ගැනම කතා වෙන්නේ මේ නිසයි.
error: Content is protected !!
Verified by MonsterInsights