Home දේශිය පුවත් මේ විදිහට පාරේ යන්න පුලුවන්ද ? රූමත් සුරූපි විදෙස් තරුණියක් නිසා ආරුගම්බේ...

මේ විදිහට පාරේ යන්න පුලුවන්ද ? රූමත් සුරූපි විදෙස් තරුණියක් නිසා ආරුගම්බේ කැළඹෙයි..!

0
36

 

ලංකාව බොහෝ විට ලොව පුරා ඉන්න සංචාරකයින් අතර කැපී පෙනෙන ගමනාන්තයක්..

එලෙස ප්‍රචලිත ලංකාව තුළ ආරුගම්බේ සංචාරක පුරවරයට හිමිවෙන්නේ තවත් විශේෂ තැනක්..

පසුගිය දිනවල විවිධ හේතු නිසා ආරුගම්බේ සංචාරක පුරවරය ගැන බොහෝ දෙනා කතා වුණා.. මේ කියන්න යන්නේ ඊයේ දින ආරුගම්බේ ගැන කතා වුණු තවත් සිද්ධියක් ගැනයි..

අම්පාර අරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශිය කාන්තාවක් පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා කාර්යංශයේ නිළධාරිනියන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ඊයේ (14) දහවල් 12.30ට පමණ එක් හෝටලයක සිට තවත් හෝටලයක පිවිසුම දක්වායි මෙලෙස උඩුකය නිරුවතින් ගමන් කර ඇත්තේ..

මෙම කාන්තාව තායිලන්ත කාන්තාවක් වන බවයි පොතුවිල් පොලිසිය සඳහන් කර ඇත්තේ..

පසුව පොතුවිල් පොලිසියේ කාන්තා නිලධාරිනියන් සහ පොලිස් නිළධාරින් පිරිසක් ගොස් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන පොතුවිල් පොලිස් ස්ථානයට ගෙනැවිත් තිබෙනවා..

මෙම කාන්තාව අද (15) පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි..

මෙම කාන්තාව අමෙරිකානු ජාතිකයෙකු සමග මෙරටට පැමිණ ඇති අතර, මෙම මස 11 වැනිදා සිට 20 වැනිදා දක්වා අරුගම්බේ සංචාරක කලාපයේ සංචාරක හෝටගයක කාමර වෙන් කරගෙන ඇති බව සඳහන්…

Previous articleඇය ජීවිතය වෙනුවෙන් සටන් කරා.. ඒ ලොකු ලෙඩේ සුව කරගන්න හුඟාක් දුක් වින්දා.. අවසානයේ කවුරුත් ආදරේ කරන සුරුපී නිලිය ජීවිතයෙන් සමු අරන්
Next articleඅපේ ළමා කාලේ ලස්සන කරපු ඒ චරිතය සමාජ මාධ්‍ය කලඹමින් අලුත් වෙලා… ඒ ගැන ඇසෙන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights