🔴අසනීප වෙලා හිටපු පිඹුරෙක්ට බෙහෙත් කරලා සනීප කරන්න ගිය “මිනිසා” පේජ් එකේ තරුණයාට වනජීවියෙන් රුපියල් 50,000 ක දඩයක් ගැහුවා මතකද? 🐍
හැබැයි මේ තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ අවුරුදු කුමාරි තරගෙක වේදිකාවක්. අහිංසක සතෙක්ව ප්‍රදර්ශන භාණ්ඩයක් කරගෙන නටද්දි, කැමරා ලයිට් වැදිලා මුළු රටම දකිද්දි මේවා වනජීවී එකේ මහත්වරුන්ට පේන්නේ නෑ.
ප්‍රශ්නෙ තියෙන්නේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මූණ බලලාද? තරාතිරම බලලාද? නැත්නම් ඇඳුමයි, රූපෙයි බලලාද? සාමාන්‍ය කොල්ලෙක් සතෙක්ට ආදරේ කරද්දි දඩ ගහන නීතිය, ප්‍රසිද්ධ වේදිකාවල සත්තු විකුණගෙන කද්දි නිදි! මෙන්න ලංකාවේ නීතිය!











