ඔහු ගිහින් තිබුණේ කොන්ඩේ කපන්නටලු.. ගෙදර අය නම් කියන්නේ අන්න එහෙම කතාවක්..
ඒත් අවසානයේ සියල්ලන්ටම අබිරහසක් ඉතුරු කරමින් ඔහු දැන් ජීවිතයෙන් සමුගෙන.. මේ කියන්න යන්නේ ඒ බිහිසුණු කතාවේ ඔබ නොදත් තව කාරණා කිහිපයක්..
මහව පොලිස් වසමට අයත් කට්ටඹුවාව ග්‍රාම නිලධාරී වසමේ කැලෑබද ප්‍රදේශයක ජිප් රථයක් තුළ පිළිස්සී ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් තිබී සොයා ගත් බව මහව මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා..
මියගොස් ඇති පුද්ගලයා මාවතගම පොලිස් වසමට අයත් දොරටියාව ප්‍රදේශයේ අයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ..
සිරුර සහිත කැබ් රථය දියබැටේ රේල් පාර ආසන්නයේ ඇති මාර්ගයේ සිට මීටර් 500ක් පමණ දුරකින් පිහිටි කැලෑබද ප්‍රදේශයේ දී තිබි හමු වූ බව පොලිසිය සඳහන් කළා..
වයස අවුරුදු 49ක් පමණ මෙම පුද්ගලයා අතුරුදන් ඇති බවට බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර ඇති බවත්, කොණ්ඩය කැපීම සඳහා යන බව දන්නවා නිවසින් පිටව ගොස් ඇති බවටත්, තොරතුරු අනාවරණය වූ බව පරීක්ෂණ පවත්වන පොලිසිය පවසනවා..
කැබ් රථයේ රියදුරු අසුනේ මෙම පුද්ගලයාගේ පිලිස්සී ගිය සිරුර හමුවූ බවත්, සම්පූර්ණයෙන්ම සිරුර පිලිස්සී නොමැති බවත්, පොලිසිය සඳහන් කරනවා..
ඉදිරි අසුනේ පුද්ගලයාගේ සිරුර පිළිස්සී තිබුණද කැබ් රථයට බරපතළ හානි සිදුව නොමැති බවටයි පොලිසිය සඳහන් කරන්නේ..
මෙම සිද්ධිය මිනීමැරුමක් විය හැකි බවට පොලිසිය සැක පළ කර අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහව මුලස්ථාන පොලිසිය විසින් සිදු කරනු ලබනවා..
hiru gossip











