සමහරවිට ඔබටත් මේ ගැන සැකයක් පවතින්න ඇති..
ඒ විතරක් නෙවෙයි මේ කාලවකවානුවලදී එන්නත්කරණයට ලක්වුණු ඔබට මෙහෙම බලපෑමක් පවතිනවාද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
මෑත කාලයේ බොහෝ තරුණ පිරිස් අතර හෘද රෝග වැළදීම ඉහළ යාමට කොවිඩ් එන්නත්කරණය හේතුවන්නට ඇති බවට සමාජයේ පැතිර යන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව හෘද රෝග විශේෂඥයින් පෙන්වා දෙනවා..
කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ඩිස්නි අමරතුංග මේ බව කියා සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්..