ඔබගේ Password එකත් මේ ලැයිස්තුවේ තියේද? 2025යේ වැඩිපුරම භාවිත කර ඇති Password…

ඔබගේ Password එකත් මේ ලැයිස්තුවේ තියේද? 2025යේ වැඩිපුරම භාවිත කර ඇති Password…

 

මේ කියන්න යන්නේ 2025යේ වැඩිපුරම භාවිත කර ඇති Password යෙදුම ගැන.

අන්තර්ජාල මුරපද කළමනාකරණ සේවාවක් වන “NordPass” ආයතනය, අඛණ්ඩව සත්වන වසරටත් රටවල් 44ක් පුරා බහුලවම භාවිත වන මුරපද 200ක ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා.

මෙම අධ්‍යයනයට අනුව, 2024 සැප්තැම්බර් සිට 2025 සැප්තැම්බර් දක්වා කාලය තුළ “123456” ගෝලීය වශයෙන් බහුලවම භාවිතා වන මුරපදය ලෙස සදහන්.

“Admin” දෙවන ස්ථානයටත්, “12345678” තෙවන ස්ථානයටත් පත්ව ඇති බවයි වාර්තා සඳහන් වන්නේ.

පෙර වසර හා සසඳන විට, NordPass විශ්ලේෂණය කර ඇත්තේ, සාමාන්‍ය මුරපදවල විරාම ලකුණු වැනි විශේෂ අක්ෂර භාවිතය වැඩි වී ඇති බවයි.

මෙම වසරේ ගෝලීය ලැයිස්තුවේ ඇති මුරපද 200න් 32ක විශේෂ අක්ෂර ඇතුළත්ව ඇති අතර, “P@ssw0rd,” “Admin@123” සහ “Abcd@1234” වැනි මුරපද ඊට උදාහරණ වනවා.

සිය වාර්ෂික ලැයිස්තුව සැකසීම සඳහා NordPass ආයතනය, “NordSteller” නම් අවදානම් නිරාවරණ කළමනාකරණ වේදිකාව සමග සහයෝගයෙන් කටයුතු කර තිබෙනවා.

මෙම තාක්ෂණික සමාගම් දෙක, 2024 සැප්තැම්බර් සිට 2025 සැප්තැම්බර් දක්වා “මහජන දත්ත කාන්දුවීම් සහ Dark Web (අඳුරු වෙබ්) ගබඩාවලින්” අනාවරණය වූ මුරපද විශ්ලේෂණය කර ඇති බවයි NordPass නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

මෙම පර්යේෂණයේ කොටසක් ලෙස කිසිදු පුද්ගලික දත්තයක් ලබාගෙන හෝ මිල දී ගෙන නොමැත.

Local Gossip