ඔයාගේ Life Partner ට ඔයාට වඩා වටින්නේ Phone එකයි Social Media Apps ටිකද?
“ඔයා ඔයාගේ සහකරුවාට කතා කරනවා… නමුත් ඔහුගේ/ඇයගේ ඇස් තියෙන්නේ Phone එකේ නම්.Screen එක දිහා බලාගෙන නිතරම හිනා වෙනවා නම්, ඒත් ඒ ඔයා දිහා නෙවෙයි. එතකොට ඔයාට කොහොම හැඟීමක්ද දැනෙන්නේ ?”
අද ශ්‍රී ලංකාවේ, Facebook , Instergram සහ Whatsapp කියන්නේ සන්නිවේදනයට සහ සම්බන්ධතා ගොඩනඟා ගන්න තියෙන Apps විතරක් නෙවෙයි.ඒවා බොහෝ විවාහවල තුන්වන පාර්ශ්වය බවට පත් වෙළා තියෙනවා. Social Media Jealousy සහ Phubbing නිහඬව ආදරය, විශ්වාසය සහ චිත්තවේගීය සමීපතාව විනාශ කරනවා.
1️⃣Social Comparison – The “Highlight Reel” Effect 🎭
පර්යේෂණ සහ න්‍යාය ඇසුරෙන් : Social Comparison Theory (Festinger, 1954; updated findings by Appel et al., 2020, Current Opinion in Psychology) පෙන්නුම් කරන්නේ මිනිස්සු තමන්ගේ සැබෑ ජීවිතය අන් අය අන්තර්ජාලය තුළ Edit කරළා දාන “හොඳම අවස්ථාවන්” සමඟ තමන්ගේ ජීවිතය එක්ක සංසන්දනය කරන බවය.
මෙය සිද්ධ වෙන්නේ ඇයි: බිරිඳක් විදේශීය චාරිකා වල යෙදෙන ජෝඩු පිළිබඳ Instagram රීල් දකින කොට හෝ ස්වාමිපුරුෂයෙක් “පරිපූර්ණ” ආදර කතා සහිත TikTok වීඩියෝ නිරන්තරයෙන්ම දකින කොට, එය නිහඬ පීඩනයක් සහ අතෘප්තියක් තමන්ගේ විවාහ ජීවිතය ගැන ඇති කරනවා.
මෙය රිදවන ආකාරය:
🔹යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් ගොඩනඟනවා.
🔹සහකරුවන්ට එකිනෙකාව “ප්‍රමාණවත් නොවන” බවක් දැනෙනවා.
🔹කාලයත් සමඟ වර්ධනය වන නිහඬ අමනාපයක් ඇති කරනවා.
🔴වළක්වාගැනීමේ උපායමාර්ගය : ඔයා Social Media එකේ හැමතිස්සෙම Scroll කරනවා වෙනුවට ඔයාගෙ ජීවිතයේ හොඳම අවස්ථාවන් බෙදාගන්න අවශ්‍යය වැඩ කරන්න. ඔයාගේ ජීවිතයේ කුඩා, සැබෑ ජීවිතයේ ආදර අවස්ථා සැලසුම් කරගන්න එම කාලයම ගත කරන්න. ❤️
2️⃣ Fear of Missing Out (FOMO) & Digital Suspicion 👀💬
පර්යේෂණ සහ න්‍යාය ඇසුරෙන් : මග හැරීමේ බය සබඳතා අනාරක්ෂිතභාවය සහ ඊර්ෂ්‍යාව සමඟ සම්බන්ධ වෙළා තියෙනවා (Przybylski et al., 2013; updated by Elhai et al., 2021 in Addictive Behaviors ReportsPrzybylski et al., 2013;.
මෙය සිද්ධ වෙන්නේ ඇයි:
🔹සැඟවුණු WhatsApp පණිවිඩ.
🔹හදිසියේ රාත්‍රියේ Upload කරන status
🔹ඔයාගේ සහකරුගේ/සහකාරියගේ Posts වලට වඩා ආගන්තුකයන්ගේ Posts වලට like කරනවා හෝ Comment කරනවා.
මෙය රිදවන ආකාරය:
🔹සෙමෙන් සෙමෙන් විශ්වාසය බිඳ වැටෙනවා.
🔹සැකයේ චක්‍රයක් නිර්මාණය වෙනවා → දුරකථන පරීක්ෂාව → වැඩි තර්ක.
🔹සහකරුවන් සමාන්තර චිත්තවේගීය ජීවිත ගත කිරීමට පටන් ගන්නවා.
🔴වළක්වාගැනීමේ උපායමාර්ගය : digital transparency rules පිළිබඳව එකඟ වෙන්න – පළ කිරීමට, කැමති වීමට හෝ පණිවිඩ යැවීමට පිළිගත හැකි දේ තෝරාගන්න. සෞඛ්‍යය සම්පන්න යහපත් ජෝඩු එකිනෙකා පාලනය කරගන්න් නැතුව විවෘතව Online හැසිරෙන විධිය ගැන සාකච්ඡා කරනවා.
3️⃣ Attachment in the Digital Age – Emotional Neglect 🤝💔
පර්යේෂණ සහ න්‍යාය ඇසුරෙන් : Attachment Theory (Bowlby, 1969; latest digital-age research by Mikulincer & Shaver, 2022) පෙන්නුම් කරන්නේ අනාරක්ෂිත Attachment Styles තියෙන පුද්ගලයන් තමන්ගේ සහකරු සමඟ අක්ෂි සම්බන්ධතා(Eye Contacts) පවත්වනවාට වඩා Phone එකත් එක්ක සම්බන්ධතා පවත්වන කොට තමාව අත් හැරලා දාලා වගේ දැනෙන්න පටන් ගන්නවා.
මෙය සිද්ධ වෙන්නේ ඇයි:
🔹ආහාර ගන්න කොට, කතා කරන කොට හෝ සමීප අවස්ථාවන්හිදී පවා “Phubbing” කරනවා.
🔹සම්බන්ධතාවයෙන් නැතුව වෙනත් මාර්ග ඔස්සේ චිත්තවේගීය අවශ්‍යතා මාර්ගගතව සපුරා ගන්නවා.
මෙය රිදවන ආකාරය:
🔹චිත්තවේගීය නොසලකා හැරීම බොහෝ වෙලාවට වාචික සටන් වලට වඩා ගැඹුරින් දැනෙනවා.
🔹 දෙමව්පියන් එකිනෙකා නොසලකා හරිනවා කියලා දකින දරුවන් ඉගෙන ගන්නේ නොසලකා හැරීම සාමාන්‍ය දෙයක් බවය.
🔹චිත්තවේගීය දුරස්ථභාවය ද්‍රෝහිකමට හෝ වෙන්වීමට හේතුවක් වෙනවා.
🔴වළක්වාගැනීමේ උපායමාර්ගය : Phone-Free Zones හදාගන්න 📴 — ආහාර වේල්, නින්දට යාම හෝ විශේෂ පවුලේ අවස්ථාවන්හිදී Mobile Phone එක පාවිච්චි කරන්න එපා.
මූලාශ්‍ර:
Festinger, L. (1954). A theory of social comparison processes. Human Relations.
Appel, H., et al. (2020). Social comparison in the age of social media. Current Opinion in Psychology, 36, 32–37.
Przybylski, A. K., et al. (2013). Motivational, emotional, and behavioral correlates of fear of missing out. Computers in Human Behavior, 29(4), 1841–1848.
Elhai, J. D., et al. (2021). Problematic smartphone use and mental health. Addictive Behaviors Reports, 13, 100357.
Mikulincer, M., & Shaver, P. R. (2022). Attachment in Adulthood: Structure, Dynamics, and Change.
Phone එකයි Social Media එකයි තෝරගෙන විවාහ ජීවිතය විනාශ කරගන්නවාද නැත්නම් සතුටින් විවාහ ජීවිතය ගත කරනවාද කියන එක ඔයාගෙ තෝරාගැනීමක්.
Credit By :ඔෂාන් බමුණු ආරච්චි