එය විශ්ව ආශීර්වාදයක්ම නොවන්නේද..? කිරුළක් හැරදා කිරුළක් සොයා ආ ඇය ගැන ඇසෙන පුදුම හිතෙන කතාව මෙන්න..

එය විශ්ව ආශීර්වාදයක්ම නොවන්නේද..? කිරුළක් හැරදා කිරුළක් සොයා ආ ඇය ගැන ඇසෙන පුදුම හිතෙන කතාව මෙන්න..

ඇය තායිලන්ත ඉතිහාසය අලුත් කරන්නට සමත් වුණු යුවතියක්.. 2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුවාංස්රි නම් තරගකාරිණිය ගැනයි මේ කතාව..

2025 ලෝක රූ රැජින ලෙස කිරුළු පැලඳි ඇය 22 වැනි වියේ පසුවුණු ඇය තායිලන්ත ඉතිහාසය අලුත් කළේ, ලෝක රූ රැජන කිරුළ හිමිකර ගත් පළමු තායිලන්ත යුවතිය ලෙසයි.. මෙම වසරේ ලෝක රූ රැජන තරගයේ 72 වන සංස්කරණය සනිටුහන් කරමින් චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා උත්සවය අවසානයේ ඔපල් සඳහා රූ කිරුළු පැලඳුවා..

ඔපල් සුචාටා 2013 ලෝක රූ රැජන බවට පත්වූ පිලිපීනයේ මේගන් යන්ග්ට පසුව අග්නිදිග ආසියාවෙන් බිහිවූ ලෝක රූ රැජන ද වීම විශේෂත්වයක්..

ඉතියෝපියාවේ හසෙට් ඩෙරේජ් ඇඩ්මාසු, පෝලන්තයේ මාජා ක්ලජ්ඩා සහ මාර්ටිනික්හි ඕරේලි ජෝකිම් පිළිවෙලින් පළමු, දෙවන සහ තෙවන අනුශූරියන් ලෙස ප්‍රකාශයට පත් වූ අතර, බ්‍රසීලයේ ජෙසිකා පෙඩ්‍රෝසෝ, නැමීබියාවේ සෙල්මා කමන්යා, පිලිපීනයේ ක්‍රිෂ්ණ ග්‍රැවිඩෙස් සහ යුක්රේනයේ මාරියා මෙල්නිචෙන්කෝ යන අය අවසන් තරඟකාරිනියන් 8 දෙනා අතරට පැමිණියා..

ඉතියෝපියාව, බ්‍රසීලය, පිලිපීනය, මාටිනික්, පෝලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවල සුරූපිනියන් පිළිවෙළින් ලෝක රූ රැජන අප්‍රිකාව, ලෝක රූ රැජන අමෙරිකා, ලෝක රූ රැජන ආසියාව, ලෝක රූ රැජන කැරිබියන්, ලෝක රූ රැජන යුරෝපය සහ ලෝක රූ රැජන ඕෂනියා ලෙස නම් කෙරුණා..

මල්ටි මීඩියා චැලෙන්ජ් වටයේ ආසියාවේ ශූරිය බවට පත් වෙමින් ටොප් 40 අතරට පිවිසි ඔපල් බියුටි විත් අ පර්පස් සඳහා ඇගේ “ඔපල් ෆෝ හේර්” ව්‍යාපෘතිය ගෙන ආවා.. පියයුරු පිළිකා ඇති කාන්තාවන්ට සහාය වීම ඇගේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිය හදාරන ඇය ‘ඔපල් ෆෝ හේර්’ ව්‍යාපාරය හරහා සෞඛ්‍ය දැනුම්වත්භාවය සහ කාන්තා සවිබල ගැන්වීම වෙනුවෙන් පෙනී සිටින තැනැත්තියක්…

මෙම තරගාවලියට ඉදිරිපත් වීමට පෙර ඇය 2024 වසරේ විශ්ව රූ රැජන තරගයට ඉදිරිපත් වී එයින්ද ජයග්‍රහණයක් දිනාගැනීමට ද සමත් වුණා… ඇයගේ පළමු තරගය වුණු 2021 වසරේදී වන අතර 2022 වසරේ මිස් යුනිවර්ස් තායිලන්ත තරගයේ සිටි ලාබාලතම තරගකාරියද වුණේ ඇයයි.. එහිදී ඇය විශේෂ සම්මානයක් වන මිස් නැචුරල් බියුටි සමග එම තරගයේ තෙවැනි ස්ථානයද දිනා ගැනීමට සමත් වුණා.. ඒ ඇය තායිලන්ත රූ රැජන බවට පත්වීමෙන් පසුව ඉදිරිපත් වූ පළමු රූ රැජන තරගාවලියයි…

යම් තරගකාරිනියක් රූ රැජන තරගයකට සහභාගී වී වසරක් යනතෙක් වෙනත් එවන් තරගාවලියකට සහභාගි විය නොහැකි වාතාවරණයක ඇය සිය ජයග්‍රහණය අහිමි කරගනිමින් 2025 ලෝක රූ රැජන තරගයට ඉදිරිපත් වුණා…

එය විශ්ව රූ රැජන තරගාවලියේ නීති උල්ලංඝනය කිරීමක් වුවද ඇය නොබියව භාරගත් අභියෝගයක් ලෙස ද හැඳින්විය හැකියි… තම විශ්ව රූ රැජන ජයග්‍රහණය අහිමි කරගත් ඔපල් මෙවර ලෝක රූ රැජන බවට පත්වීම විශ්ව ආශීර්වාදයක්ම නොවන්නේද..?

තමන්ට තමන් විශ්වාස නම් අත්හැරීමට හෝ උත්සාහ කිරීමට බිය විය යුතු නැත යන කදිම පාඩම ලොවට කියා දෙන්නට මෙවර ජයග්‍රහණයත් සමඟින් ‘ඔපල්‘ සමත් වුණා.

World Gossip