Home දේශිය පුවත් අම්මා මම පන්ති ගිහින් එන්නම් කියලා ගිය ඉසුරු ආයෙත් ආවේ නැහැ! පාර...

අම්මා මම පන්ති ගිහින් එන්නම් කියලා ගිය ඉසුරු ආයෙත් ආවේ නැහැ! පාර මැද විසිරුණු පොත් පත් සාක්ෂි දරද්දී සිදුවූ මහා විනාශය..

0
127

දවසේ නාවලපිටිය – ගම්පොළ පාරේ ගමන් ගත් ඕනෑම කෙනෙකුගේ හදවත නතර කරවන සුළු බිහිසුණු දසුනක් වාර්තා වුණා.

ඒ, තමන්ගේ අනාගතය ලස්සන කරගන්න හීන දැකපු 22 හැවිරිදි ඉසුරු රත්නායක නම් තරුණයාට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වීමත් සමඟයි.

උලපනේ ප්‍රදේශයේ පදිංචි ඉසුරු,  (05) පස්වරු 2:30 ට පමණ සිය යතුරුපැදියෙන් නිවසින් පිටත් වුණේ නාවලපිටිය නගරයේ පැවැත්වෙන කොරියන් භාෂා පන්තියකට සහභාගී වෙන්නයි. හීන දකින දහසක් තරුණයන් වගේම ඉසුරුත් තමන්ගේ අනාගතය වෙනුවෙන් ඒ පන්තියට යන්න ඇති.

නාවලපිටිය පළමුවන සහ දෙවන දුම්රිය ගේට්ටු අතර ප්‍රදේශයේදී ඉසුරු උත්සාහ කර තිබුණේ පාර අයිනේ නවතා තිබූ මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් ඉස්සර කිරීමටයි. නමුත් ඒ මොහොතේම ඉදිරියෙන් ටිපර් රථයක් පැමිණ තිබෙනවා. ටිපර් රථය දුටු සැණින් බියට පත් ඉසුරු එකවරම තිරිංග (Brake) තද කිරීමත් සමඟ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් තිබෙනවා.

යතුරුපැදිය පෙරළෙනවාත් සමඟ ඉසුරු ඉන් විසි වී ගොස් තිබෙන්නේ නාවලපිටියේ සිට ගම්පොළ දෙසට ධාවනය වූ ටිපර් රථය දෙසටයි. අවාසනාවන්ත ලෙස ඔහු ටිපර් රථයේ පසුපස රෝදයට යට වී තිබෙනවා. සිද්ධිය වූ ස්ථානයේදීම ඉසුරු මෙලොව හැර ගොස් ඇත්තේ පන්තියට යන්න ආපු පොත පත පාර පුරා විසිරී යද්දියි.

තමන්ගේ දරුවා පන්තියට ගිහින් ආයෙත් ගෙදර ඒවි කියලා බලාගෙන හිටපු අම්මා තාත්තට මේ ආරංචිය කොයිතරම් දරාගන්න බැරි වේවිද? පාරේ යන එන හැමෝටම මේක ලොකු පාඩමක්. ක්ෂණයකින් සිදුවන සුළු අතපසුවීමකින් තවත් එක වටිනා ජීවිතයක් අපිට අහිමි වුණා.

Previous article‘ අනුර කුමාර දිසානායක කියන්නේ කුණු ලෝබයෙක්… ඒ ලෝබකම රටට හොඳයි… ‘ එදා මේ ඔක්කොම යාළුවෝ මල්ලි කී රංජන්ගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක්..
Next articleදෙනෙත් අහිමි වුවත් ඒ කිසිත් නොතකා ජිවිතය ජයගත් තවත් එක් වීරයෙක් ගැන ඇසෙන කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights