Home දේශිය පුවත් හදවත රත්තරන් …ගැයූ ගී ඉස්තරම්…ඉස්තරම් ගී ගයමින් සදා අමරණීය මතකයන් අප හද...

හදවත රත්තරන් …ගැයූ ගී ඉස්තරම්…ඉස්තරම් ගී ගයමින් සදා අමරණීය මතකයන් අප හද තුල තැනූ අමරණීය ජෝති අපෙන් සමුගෙන ගොස් අදට වසර 38ක්..

0
72

සිනමා සංගීත අරණේ ප්‍රතිරාව නැංවූ සදා නොමියන හඬ හිමි වුණේ ඔහුටයි…

ජෝති කියන්නේ යුගයක්… ජෝති කියන්නේ දැවැන්ත මනුස්සයෙක්… ඔහු ගායන ලෝකයේ පතාක යෝධයෙක්…

ශ්‍රී ලංකාවේ ඔහු තරම් ජනප්‍රිය ජනතාවගේ ආදරයට පාත්‍ර වූ ගායකයෙක් නැති තරම්…

ඔහු සිය ජීවන සැරිය නිමකර වසර තිස් අටක් ගත වුනත් , අදටත් ඔහුගේ නාමය සදා අමරණීයි…

අපේ රටේ සිනමා පසුබිම් ගායනේ ගායනය ස්වර්ණමය නාමයක් සලකුණු කර දැයෙන් සමුගත් මේ විශිෂ්ටයා ශ්‍රී ලාංකේය සංගීත අඹරෙහි සදා දැල්වෙන තාරකාවක්.

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් ඔබ අපි කවුරුත් දන්නා විදියට එච්. ආර්.ජෝතිපාල නම් වූ ඔහු එඩි ජයමාන්න ගේ සිට රංජන් රාමනායක දක්වා සියලුම තරාතිරමේ නළු නිළියන්ට සිය හඬ ලබා දුන්නා…

ජෝති මධ්‍යම පාන්තික පවුලක පළමු දරුවා ලෙස ඉපදුණා.

ඒ 1936 පෙබරවාරි 12 වැනිදා.. ඔහු ඉපදුණේ ශ්‍රී ලංකාවේ දෙමටගොඩදී.

ජෝති අධ්‍යාපනය ලැබුවේ මරදාන ශාන්ත ලෝරන් සහ දෙමට ගොඩ ශාන්ත ජෝන් යන විද්‍යාලවලින්..

ජෝතිපාල හැටේ දශකයේ අග භාගයේ සහ හැත්තෑව දශකයේ රංගනයට එක්වුණා.

සිනමා පසුබිම් ගී ගායනයට අමතරව ජෝති, චිත්‍රපට 33කද රඟපා තිබෙනවා.

කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ මිණිහෙක්, කවුද රජා, හොඳට හොඳයි, වාසනා, සංගීතා වැනි ජනප්‍රිය ජනප්‍රිය චිත්‍රපට ඇතුළුව ඔහු චිත්‍රපට සිය ගණනකක් සඳහා ගීත ගායනා කළා..

සම්මානලාභී ගායකයෙකු ලෙස මෙන්ම නළුවෙකු ලෙස ඇතුල්වීම තහනම්,සුලලිත සෝබනි, සුජීවා,සූකිරි කෙල්ල,අභිරහස,බෝනික්කා,ශාන්ති සහ ඔහුගේම නිෂ්පාදනයක් වන සුමිතුරෝ සහ ඔබයි මමයි ඇතුළු චිත්‍රපටවල අමතක නොවන චරිත කිහිපයක් ද රඟ දැක්වූවා ..

ජෝතිපාල සුජාතා අත්තනායක, ඇන්ජලීන් ගුණතිලක සහ ලතා වල්පොල සමඟ බොහෝ යුගල ගීත ගායනා කළේය. ජෝතිපාල 1974 වසරේ තිරගත වූ ඔන්න බබෝ බිල්ලෝ එනවා චිත්‍රපටයේ “මේ ජීවනයේ” ගීතය වෙනුවෙන් හොඳම ගායකයාට හිමි සම්මානය දිනා ගත්තා.

1983 සරසවි සම්මාන උලෙළේදී ජෝතිපාල හොඳම ගායකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ “මීදුම් සිහින” චිත්‍රපටයේ “සරා සඳේ” ගීතය වෙනුවෙන් සහ 1986 වසරේ “ඔබට දිවුරා කියන්නම්” චිත්‍රපටයේ “පාළු සුසානේ” ගීත වෙනුවෙන් …

ජනප්‍රිය ගීත ගැයූ මේ සුන්දර ගායකයා අපට බොහෝ මතකයන් දායාද කළා..

ගීත 4000+
චිත්‍රපට 400+
රංගනයන් 30+

මේ සේරම කරන්න ඔහු ජිවත් වුනේ අවුරුදු 51 ක් විතරයි…

ඔහු දැයෙන් නිකම ගිහින් අදට අවුරුදු 38යි …

copied,

Previous articleනිවස තුල ධනය බලය රැක දී සෞභාග්‍යය කැන්දන පුරාණ ඉන්දීය වාස්තු විදයා රහස් මෙන්න.
Next articleසුන්දර හිනාවකට හිමිකම් කියන ඔබේ දත් පෙළෙන් කියවෙන රහස් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights