ලස්සන කෙල්ල’ගේ සිනමා ගමනට වසර 50ක්..
1975 වසරේ තිරගතවෙන නීල් රූපසිංහගේ ‘ලස්සන කෙල්ල’ ෆිල්ම් එකට මුලින්ම ඔහු තෝරගන්නේ ඔහුගේ මුල් චිත්‍රපට වූ ‘හතරදෙනාම සූරයෝ’ ,’ආදරේ හිතෙනව දැක්කම’ ආදී අතිශයින් ජනප්‍රිය චිත්‍රපට වල රඟපෑ විජය සහ මාලනීව. නමත් විජය මාලනීට දින සම්බන්ද ගැටළුවක් නිසා දෙන්නා මේ චිත්‍රපටිය ප්‍රතික්ෂේප කරනවා.
අවසානේ විජය වෙනුවට ඒ කාලේ අතිශයින් ජනප්‍රිය නළුවෙකු වූ තිස්ස විජේසුරේන්ද්‍රව යොදා ගන්නා අතර, මාලිනීගේ අඩුව පුරවන්නට නීල් රූපසිංහ විසින් අලුත් මුහුණක් සිනමාවට හඳුන්වා දෙනවා..
ඇය තමයි මේ චිත්‍රපටියේ ලස්සන කෙල්ල වෙන්නේ, ඒ වෙන කවුරුත් නෙවෙයි. ඒ කාලේ බෙන්තර රූපසුන්දරිය ලෙස කිරුළුපැලදි ගීතා සමන්මලී කුමාරසිංහ.
ඉන් පසුව සිදුවූ සියල්ලම ඉතිහාසගතයි..☺️❤️
අපෙන් ඇයට උණුසුම් සුබපැතුම්.
credit – සිනෙමායා








