Home දේශිය පුවත් මුළු රටක් ආදරය කළ ආචාර්ය අමරදේවයන් දැයෙන් සමුගෙන, අදට වසර නවයක්.

මුළු රටක් ආදරය කළ ආචාර්ය අමරදේවයන් දැයෙන් සමුගෙන, අදට වසර නවයක්.

0
72

මේ කියන්න යන්නේ හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙස හඳුන්වන ආචාර්ය අමරදේවයන් ගැනයි.

හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙස හඳුන්වන මුළු රටක්ම ආදරය කරන ආචාර්ය අමරදේවයන් දැයෙන් සමුගෙන, අදට වසර නවයක් සම්පූර්ණ වනවා.

මේ පිළිබඳව, අමරදේවයන්ගේ ආදරණීය දියණිය විශාරද සුභානි අමරදේව සිය ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහනක් එක්කර තිබුණා.

”ආදරණීය මගෙ තාත්තේ ඔයා අපෙන් සමුගෙන අදට හරියටම අවුරුදු නමයක් වෙනවා…. මේ අවුරුදු නමය කොහොම ගෙවුනද මම දන්නෙ නැහැ… අද දවසේ ඔබ වෙනුවෙන් ඉදිවෙමින් පවතින අමරදේව අසපුව පරිශ්‍රයේදි ( බත්තරමුල්ල අපේ ගම ) අනුස්මරණ උත්සවයක් සංවිධානය කර ඇති අතර එහිදී සුසාන ඝරය වෙත පුෂ්පෝපහාරයක් සහ සවස 6.00 ට ඔබගේ ගීත ඇතුළත් ප්‍රසංගයක් ද පැවැත්වෙනවා… එමෙන්ම මේ මස 29 වන දින UK, London, slough නගරයේ Crystal Grand ශාලාවේ දී ඔබ කල සේවයට, යුතුකම වෙනුවෙන් විශේෂ උපහාර ප්‍රසංගයක් පැවැත්වෙනවා… UK වෙසෙන සැමට එය මහඟු අවස්ථාවක් බව කරුණාවෙන් සඳහන් කර එය නැරඹීමට රසික ඔබට මම ගෞරවයෙන් ආරාධනා කරමි..”

Previous article“සාර්ථක පිරිමියෙක් පසුපස ආදරණීය ගැහැණියක් සිටියත්, සාර්ථක ගැහැණියක් පසුපස ඇත්තේ කඳුළු කතාවක්” පියුමි මුහුණු පොතට එක්කළ සටහන
Next articleවේදිකාව බබළවමින් නොමැකෙන මතකයන් එක්කළ ඔහු, ප්‍රසංග වේදිකාවට සමුදෙයි…
error: Content is protected !!
Verified by MonsterInsights