මින් පෙරත් කතා මැවූ දෙදෙනෙක් වෙන මෙලනියා ට්‍රම්ප් සහ හන්ටර් බයිඩන් අතර පවතින කෝන්තරයක් ගැනයි මේ කතාව..
අමෙරිකානු ජාතික, ළමා හා ස්ත්‍රී ලිංගික අපරාධකරුවකු වන ජෙෆ්රි එප්ස්ටයින් විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තමාව හඳුන්වා දුන් බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1කට අධික වන්දි මුදලක් ඉල්ලා නඩු පවරන බව ජනාධිපති ට්‍රම්ප්ගේ බිරිය වන මෙලනියා ට්‍රම්ප් විසින් හිටපු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන්ගේ නීතිඥවරයා වෙත සිය නීතිඥයන් හරහා දැනුම්දී තිබෙනවා…
හිටපු ජනාධිපති බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් විසින් මෙම මස මුලදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී තමාව සිය සැමියා වන වත්මන් අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට හඳුන්වා දුන්නේ ලිංගික අපරාධකරු එප්ස්ටයින් බවට සිදුකර ඇති ප්‍රකාශය අසත්‍ය මෙන්ම අවමන් සහගත, අපහාසාත්මක සහ ගිනි අවුළුවනසුළු ප්‍රකාශයක් බව සිය නීතිඥයන් හරහා හන්ටර් බයිඩන්ගේ නීතිඥයා වෙත යැවූ ලිපියකින් දැනුම්දී ඇති ජනාධිපති ආර්යාව බයිඩන් විසින් අදාළ ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන ඒ පිළිබඳව සමාව නොඉල්ලන්නේ නම් ඔහුට එරෙහිව නඩු පවරන බව අවධාරණය කර තිබෙනවා..
මේ අතර මෙලනියා ට්‍රම්ප් වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව විවාහ කරගෙන ඇත්තේ 2005 වසරේදී වන අතර ඔවුන් දෙදෙනා හඳුනාගෙන ඇත්තේ එප්ස්ටයින් හරහා බවට හන්ටර් බයිඩන් කර ඇති ප්‍රකාශය හේතුවෙන් සිය සේවාදායිකාවගේ කිර්ති නාමයට හා මූල්‍යතත්ත්වයට ඉමහත් හානියක් සිදුව ඇති බවද මෙලනියා ට්‍රම්ප්ගේ නීතිඥයන් හන්ටර් බයිඩන් වෙත යවා ඇති ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා…
හන්ටර් බයිඩන්ට අන් අයගේ නම වෙළඳාම් කර සමාජයේ අවධානය දිනාගැනීමට උත්සාහ දැරීමේ ඉතිහාසයක් පවතින බවද මෙලනියා ට්‍රම්ප්ගේ නීතිඥයන් පවසා තිබෙනවා.. මේ අතර ජනාධිපති ට්‍රම්ප්ව හඳුනාගත් අවස්ථාවේදී මෙලනියා ලිංගික අපරාධකරු එප්ස්ටයින්ගේ සහායකයකුව දැන හඳුනාගෙන සිටි බවට ඇමරිකානු පුවත්පතක් වන ‘ඩේලි බිස්ට්’ පුවත්පතට ප්‍රකාශයක් කර තිබූ මාධ්‍යවේදී මයිකල් වුල්ෆ් හටද හන්ටර් බයිඩන් වෙත යවන ලද වන්දි ලිපිය අදාළ වන බව මෙලනියා ට්‍රම්ප්ගේ නීතිඥයන් පවසා තිබෙනවා..
