Home සයුරෙන් එහා පුවත් ලොවක් හදුනන මැලේසියාව ගොඩ නැගූ ඒ අසහාය නායකයාට එදා සුවිශේෂී දවසක්…

ලොවක් හදුනන මැලේසියාව ගොඩ නැගූ ඒ අසහාය නායකයාට එදා සුවිශේෂී දවසක්…

0
49

 

ඔහු මුළුමහත් ලෝකයම ඉතා හොඳින් හඳුනන ප්‍රකට දේශපාලකයෙක්.

ඔහුගේ 100වන උපන් දිනය අදට යෙදී තිබෙනවා.

උපතින් ඉන්දියානු පියෙකුගේ හා මැලේ මවකගේ දරුවෙකු වූ මහතීර් මොහොමඩ් මුලදී වෘත්තියෙන් වෛද්‍යවරයෙක්.

ඔහු සිංගප්පූරුවේදී වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරයෙකු ලෙස මැලේසියාවේ ගම් පළාත් වල සේවය කරන කාලයේ මැලේ ජාතික ප්‍රජාව වෙනුවෙන් සිය ජීවිතය කැප කළ අතර ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් දේශපාලනයට පිවිස තිබෙනවා.

පසුව ඔහුගේ පක්ෂයේ නායකත්වය ලබා ගැනීමටත් 1981 අගමැති ධූරයට පත්වූ පසු ඉතා ඉහළ කළමනාකාරීත්වයකින් මැලේසියාව සංවර්ධනය කිරීමටත් ඔහු පියවර ගත් අතර විවිධ විප්ලවකාරී තීන්දු තීරණ ගනිමින් මැලේසියාවේ කර්මාන්ත සංවර්ධනය වේගවත් කිරීමට කටයුතු කළා.

අග්නිදිග ආසියාවේ දියුණු රාජ්‍යයක් බවට මැලේසියාව පත් කිරීමට ඔහු කළ මෙහෙවර තවමත් පරම්පරා ගණනාවක් අගය කරන අතර 2003 ඔහු දේශපාලන වශයෙන් පරාජයට පත්වූ නමුත් දේශපාලනය අත්හැරියේ නැහැ.

ඔහුගෙන් පසුව පැමිණි නායකයින් වැඩි දෙනෙකු විවිධ දූෂණ චෝදනා වලට ලක්වුණා.

නැවත රට භාරගන්නට අලුත් පෙරමුණක් සාදාගෙන මැතිවරණයට ඉදිරිපත්වන්නට ඔහු තීරණය කළේ ඒ අනුවයි.

ලෝකයේ වයෝවෘද්ධම අගමැති ලෙස ඔහු මැතිවරණය ජයගත්තේ එයින් පසුවයි.

Previous articleජෝඩුව එකට නානවා නම් මේ ප්‍රශ්න අඩුයි. ඔබත් පීඩා විදිහට මේ ප්‍රශ්න වලට ලබාගත හැකි හොඳම බෙහෙත
Next articleමෙන්න එයත් ලංකාවට ඇවිල්ලා.. ලොවක් ආදරේ කරන සුපිරි තරුව ලංකාවේ ආ හේතුව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights