Home දේශිය පුවත් “වෙලාව 11.40 යි.අම්මේ මට සමාවෙන්න.ඔයාට දුකක් දුන්නාට.. මගේ කරුමෙට ඒක පරක්කු වුණේ...

“වෙලාව 11.40 යි.අම්මේ මට සමාවෙන්න.ඔයාට දුකක් දුන්නාට.. මගේ කරුමෙට ඒක පරක්කු වුණේ නැත්නම්..” කවදාවත් මෙහෙම තීරණ නම් ගන්න එපා..

0
2378

සමාජ මාධ්‍ය අද උදෑසන සිටම කම්පනයට පත් කළ ඡායාරූප කිහිපයක් මේ වන විට වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.

ජීවිතයේ ප්‍රශ්න හමුවේ තනිවුණු, අහන්න කෙනෙක් නැතිවුණු තාරුණ්‍යය මොනතරම් අසරණද කියන එක මේ සිදුවීමෙන් නැවතත් ඔප්පු වෙලා තියෙනවා.

දුම්රිය පාරේ මියගොස් සිටින තරුණයෙකුගේ සිරුරක් අසල තිබී හමුවුණු අවසන් ලිපිය කියවන ඕනෑම කෙනෙකුගේ ඇසට කඳුලක් උනන එක නතර කරන්න බැහැ. එහි සටහන්ව තිබුණේ මෙවැන්නක්:

” වෙලාව 11.40 යි “අම්මේ මට සමාවෙන්න. ඔයාට දුකක් දුන්නාට. 2.15 ට කෝච්චිය පනිනවා මම . මගේ කරුමෙට ඒක පරක්කු වුණේ නැත්නම්..12.20: මගේ ඔළුව කඳෙන් වෙන් වෙලා තියෙයි.”

සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි, ජීවිතයේ ප්ලෑන් එකින් එක අවුල් වෙනකොට, අතේ සල්ලි නැතිවෙනකොට, හැමතැනින්ම ප්‍රතික්ෂේප වෙනකොට මිනිස්සුන්ට හිතෙනවා “මොකටද මේ ජීවිතේ” කියලා. පේන මානයක දිනුමක් හෝ සැනසීමක් නැති තැන මේ තරුණයා තෝරාගෙන තියෙන්නේ ඉතාමත් අවාසනාවන්ත අවසානයක්.

මළ සිරුර දෙස බලාගෙන ඉන්නා අය අතරින් සමහරු නොයෙක් දේ කිව්වත්, ඒ හිත ඇතුළේ තිබුණු වේදනාව දන්නේ ඔහුම විතරයි. නමුත් අපිට කියන්න තියෙන්නේ එකම දෙයයි. ප්‍රශ්න හමුවේ ජීවිතය අත්හරින්න එපා. ඔබව අහන්න කෙනෙක් නැතිනම්, පිහිට වෙන්න කෙනෙක් අනිවාර්යයෙන්ම කොහේ හෝ සිටිනවා.

Previous article“මම මේ දවස එනකම් ගොඩක් කල් බලාගෙන හිටියා” – මෂීගේ කිරි අම්මා සිහිනය සැබෑ වුණු හැටි!
Next articleතේ කෝප්පයට ඉඟුරු කෑල්ලක් දාන්න කලින් දෙපාරක් හිතන්න.. ඉඟුරු ගැන ඇහෙන හිතා ගන්න බැරි කතාවක්..
error: Content is protected !!
Verified by MonsterInsights