Home දේශිය පුවත් රටක් ආදරේ කරපු ඒ චරිතය, ක්ලබ් වසන්ත අපෙන් සමු අරන් දැන් ටික...

රටක් ආදරේ කරපු ඒ චරිතය, ක්ලබ් වසන්ත අපෙන් සමු අරන් දැන් ටික කාලයක්… ඉතිං එක පාරටම මොකද්ද මේ ඔහු ගැන යලිත් ඇසෙන ඒ පුවත ?

0
110

 

අතුරුගිරියේ පෞද්ගලික ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරිකයකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ පළමු සැකකරු වන ‘ටැටූ මල්ලි’ නමැත්තා ඇප මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණය අද (29) දින නියෝග කළා.

මෙම නියෝගය හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් නිකුත් කර ඇති අතර, එහිදී රුපියල් 150,000ක මුදල් ඇපයක් සහ රුපියල් 250,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර, එම ඝාතන සිද්ධියට අනුබල දීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනෙකුත් සැකකරුවන් ද අදාළ ඇප කොන්දේසි මතම මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

Previous articleකොතරම් බෙහෙත් කරත් තාමත් සෙම අඩු නැද්ද? මෙන්න ලෙඩේ සුව කරගන්න සුපිරි ක්‍රමය
Next articleහැමදාම එකම විදියට ඉදල හරි යන්නේ නැහැ කියල හිතුණා.. මම දැන් වෙනස් වෙනවා..! රොෂානා ඔන්ඩච්චි මේ මොකක් ගැනද කියන්නේ..?
error: Content is protected !!
Verified by MonsterInsights