Home තරු ගොසිප් “ඔයා වගේ හොඳ දරුවෙක් ඉන්න එකම ඇති, අපිට තව ජීවත් වෙන්න.. ආදරෙයි...

“ඔයා වගේ හොඳ දරුවෙක් ඉන්න එකම ඇති, අපිට තව ජීවත් වෙන්න.. ආදරෙයි මගේ පණ..” හිතාගන්න පුළුවන්ද සුරූපී ඇයට මේ තරම් කඩවසම් පුතෙක් ඉන්නවා කියලා..

0
392

රංගන ලෝකයේ කාගේත් ආදරය නොඅඩුව දිනාගත්ත ශිල්පිනියක් තමයි නයනා කුමාරි කියන්නේ..

ඇයගේ නම රංගනයේදී විතරක් නෙවෙයි රූපලාවන්‍ය ක්ෂේත්‍රයේදී පවා බොහෝ දෙනා අතර කියැවෙන නමක්.

එදා වගේම අදටත් මේ සුරූපී රංගන ශිල්පිනියගේ සුන්දරත්වයේ නම් අඩුවක් නැහැ.. ඒත් මේ කියන්න යන්නේව් ඇයගේ අලුත් කලා කටයුත්තක් ගැන නම් නෙවෙයි..

නයනාගේ ආදරණීය පුංචි පවුලට විශේෂ වුණු තවත් එක් දවසක් ගැන කතාවක්. නයනාගේ ආදරණීය පුතා පසුගිය දිනක ඔහුගේ 20 වැනි උපන්දිනය සමරලා.

නයනා වගේම ඇයගේ ආදරණීය සැමියා මේ දවස උදා වෙනතුරු ඇඟිලි ගනිමින් බලා සිටි බවයි ඇය නම් කියන්නේ.

අම්මා තාත්තාගේ ආදරණීය හීන සැබෑවක් කරපු මේ පුතුගේ ඡායාරූප ගොන්නකින් සැකසුණු වීඩියෝවක් වගේම ඔහු වෙනුවෙන් ආදරණීය සටහනක් ලියා තබන්නත් ඇය අමතක කරලා තිබුණේ නැහැ.

“සුභම සුභ උපන්දිනයක් මගේ පුතේ.. අම්මිගේයි තාත්තිගේයි හුස්ම ටික ඔයා.. අදට ඔයාට අවුරුදු 20යි… ආදරේයි පණ..”

මෙන්න බලන්නකෝ ඒ පුංචි පවුල මොනතරම් නම් ආදරණීයද කියලා..

Previous articleApple සමාගම විසින් සියලුම iPhone පරිශීලකයින්ට හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක්…
Next articleපොලිස් විමර්ශනවලදී හෙළිවුණේ වෙනස්ම කතාවක්.. ගිංඔ­ය පතුලේ සැඟවී ගිය සත්ස­රණිගේ ජීවිතය ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights