Home දේශිය පුවත් මගේ ජීව්තය නැවත ලැබුනා හා සමානයි.. ශ්‍රී ලංකා පොලිසිය දක්ෂයි.ස්විස් ජාතිකයෙක්ගේ හීනයකට...

මගේ ජීව්තය නැවත ලැබුනා හා සමානයි.. ශ්‍රී ලංකා පොලිසිය දක්ෂයි.ස්විස් ජාතිකයෙක්ගේ හීනයකට නැවත පණ ලැබෙයි..

0
584

නැති වූ ජංගම දුර­ක­ත­නය සොයා දුන්නාට ස්විට්ස­ර්ලන්ත ජාති­ක­යා­ගෙන් දඹුල්ල පොලී­සි­යට තුති

මහ­නු­වර ප්‍රදේ­ශයේ සිට දඹුල්ල ප්‍රදේ­ශ­යට පෞද්ග­ලික මගී බස් රථ­ය­කින් පැමි­ණෙ­මින් සිටි ස්විස්ට­ර්ලන්ත ජාතික තරු­ණ­යෙ­කුගේ ජංගම දුර­ක­ත­න­යක් අස්ථා­න­ගත වී පැය කිහි­ප­යක් ගත­වෙද්දී දඹුල්ල මූල­ස්ථාන පොලී­සියේ රථ­වා­හන අංශයේ පොලිස් සැර­ය­න්ව­ර­යෙකු සිදු­ක­රන ලද සුවි­ශේෂී ක්‍රියා­වක් හේතු­වෙන් ඔහුගේ ජංගම දුර­ක­ත­නය නැවත සොයා­දී­මට හැකි වූ බව දඹුල්ල මූල­ස්ථාන පොලී­සිය පව­සයි.

ස්විස්ට­ර්ල­න්තයේ සිට මෙරට සංචා­ර­යක් සඳහා පැමිණ සිටි (28) හැවි­රිදි තරුණ ගුරු­ව­ර­යකු වූ Gian Muller මහතා මහ­නු­වර සිට අනු­රා­ධ­පුර බලා ධාව­නය වෙමින් තිබූ පෞද්ග­ලික බස් රථ­ය­කින් දඹු­ල්ලට පැමිණ තිබේ. මෙම සංචා­ර­කයා දඹුල්ල නග­ර­යෙන් බස් රථ­යෙන් බැස බැලී­මේදී ඔහුගේ ඇපල් වර්ගයේ ජංගම දුර­ක­ත­නය අස්ථා­න­ගත වී ඇති බව දැන ගෙන රථ­වා­හන රාජ­කාරි කර­මින් සිටි දඹුල්ල රථ­වා­හන පොලී­සියේ පොලිස් සැර­යන් (46389) යූ.කේ. නිහාල් මහතා වෙත දැනුම් දී ඇත. වහා ක්‍රියා­ත්මක වූ පොලිස් සැර­ය­න්ව­රයා සංචා­ර­කයා සතුව තිබූ රථයේ ප්‍රවේශ පත්‍රය පරීක්ෂා කොට එහි ඇති දුර­ක­තන අංකය හරහා බස් රථයේ හිමි­කරු සම්බන්ධ කර­ගෙන රියැ­දු­රුගේ සහ බස් කොන්දො­ස්ත­ර­ව­ර­යාගේ දුර­ක­තන අංක ලබා­ගෙන ඔවුන්ට ඇම­තු­මක්දී බස් රථය තුළ ජංගම දුර­ක­ත­න­යක් තිබු­ණේද යන්න ප්‍රශ්න කරද්දී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ එවැනි දුර­ක­ත­න­යක් බස් රථය තුළ නොතිබූ බවය.

පොලිස් සැර­ය­න්ව­රයා බස් රථයේ හිමි­ක­රුට නැවත ඇම­තු­මක් ලබාදී බස් රථය තුළ ආර­ක්ෂිත කැමරා පද්ධ­ති­යක් තිබේ­දැයි ප්‍රශ්න කර ඇති අතර එහිදී බස් රථයේ ආර­ක්‍ෂිත කැමරා පද්ධ­ති­යක් ඇති බව ප්‍රකාශ කිරී­මත් සමඟ නැවත කොන්දො­ස්ත­ර­ව­ර­යාට ඇම­තු­මක් ගෙන බස් රථයේ ආර­ක්ෂිත කැමරා පද්ධ­තිය පරීක්ෂා කිරී­මෙන් අන­තු­රුව නීති­මය පිය­වර ගන්නා බවට දැනු­වත් කර තිබේ.

පසුව සැර­ය­න්ව­ර­යාගේ ජංගම දුර­ක­ත­න­යට බස් රථයේ රියැ­දු­රු­ගෙන් ඇම­තු­මක් ලැබී ඇති අතර බස් රථය තුළ ජංගම දුර­ක­ත­න­යක් තිබෙන බව ප්‍රකාශ කර කඩි­න­මින් එය දඹුල්ල පොලී­සි­යට ගෙනැ­විත් භාර දී ඇත.

මේ පිළි­බ­ඳව Gian Muller මහතා මෙසේ පැව­සීය.

“මගේ ජීවිතේ නැවත ලැබුණා හා සමා­නයි. මම ශ්‍රී ලංකා පොලී­සි­යට ස්තූතිය පළ කර­නවා. මම ගුරු­ව­ර­යෙක්. මගේ අධ්‍යා­පන කට­යුතු වගේම ජීවි­තයේ වටිනා දත්ත ඡායා­රූප රැසක් මෙම ජංගම දුර­ක­ත­නයේ ගබඩා කරලා තියෙ­නවා. මම හිතුවේ නෑ ශ්‍රී ලංකා පොලී­සිය මේ තරම් දක්ෂ ලෙස මෙය නැවත ලබා­දෙයි කියලා…

Previous articleවන සතුන්ගේ ක්‍රියාකාරකම් නිසා ඔබත් කරදරයෙන්ද..? මෙන්න ඒකට විසඳුමක්..
Next articleරටම ආදරේ කරන රංගන ශිල්පිණි පියුමි හංසමාලිගේ පුත්‍ර රත්නය නැවතත් කරළියට… රටක් කතා කරන විඩියෝවක් නිසා බුකිය කැළඹෙයි…!
error: Content is protected !!
Verified by MonsterInsights