Home දේශිය පුවත් අනතුරක් වෙන්න කලින් සත්තුන්ට දැනෙනවා කියන එක ඇත්තක්.. මහා අනතුරක් වෙන්න ගිහින්...

අනතුරක් වෙන්න කලින් සත්තුන්ට දැනෙනවා කියන එක ඇත්තක්.. මහා අනතුරක් වෙන්න ගිහින් ගෙදර අයගේ දිවි බේරු සුරතලා..

0
96

“එදා නොවැම්බර් 28 හොදටම වැස්ස දවසක් . 29-30 දවස් දෙකම වහිනවා කියල තමයි කියලා තිබුනේ. 28 උදේ ඉදන් හොදටම වැස්සා.ඒ නිසා තවත් වැස්ස වැඩිවෙන්න කලින් යන්තම් පායපු ගමන් අපි ඉක්මනින් ගෙදරට ඕනම කරන බඩු වගයක් ගන්න ටවුන් එකට ගියා.

(ටොමී ) එයා අපේ ගෙදර සුරතලයට හදපු බල්ලා. පුදුමයි කවදාවත් එයා වාහනේක යද්දී අපේ පස්සෙන් දුවන් ඇවිත් නෑ. ඒත් එදා එයා අපේ පස්සෙන්ම ආවා. මගක් ඇවිත් නවතී හිතුවට නැවතුනේ නෑ. එයාට පුලුවන් උපරිම වේගෙන් එයා දුවගෙන එනවා. කොච්චර වෙලා ගියත් එයාව අතරමන් වෙන නිසා අපි එයාව වීල් එකට දාගෙන ආයේ ගෙදර ආවා.

ඇවිත් එයාව කූඩුවට දාලා ආයෙත් යන්න හැදුවා විතරයි .ටවුන් එකේ ඉන්න මගේ යාලුවෙක්ගෙන් කෝල් එකක් ආවා . එයා කිව්වේ අපි ටවුන් එකට යන පාරට මේ දැන් ලොකු ගහක් කඩන් වැටිලා කියලා.ඉතින් අපි ආයේ හැරිලා එන්නේ නැතුව දිගටම ගියානම් සමහරවිට අපිට අනතුරක් වෙන්න තිබුනා.

අනතුරකට කලින් සත්තුන්ට දැනෙනවා කියන කතාව ඇත්තක් .එයාටත් ඒක දැනිලා අපිට යන්න එපා කියන්න එන්න ඇති! 🥺❤️‍🩹

Previous articleඔබත් මේ බෝ නොවන රෝග සඳහා කලක පටන් ප්‍රතිකාර ගන්නවාද..? එහෙනම් මේ විශේෂ පණිවිඩය ඔබටයි..
Next articleබලන්නකෝ මේ කවුද කියලා.. අඳුනගන්න පුළුවන් වුණාද..?
error: Content is protected !!
Verified by MonsterInsights