Home තරු ගොසිප් “ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ...

“ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ…..” ඒ ආදරණිය කැදැල්ලට අවුරුදු 13යි.

0
933
ලංකාවේ සංගීත ලෝකයේ ඉන්න ජනප්‍රියම ගායන තරුවක් තමයි රුවන් හෙට්ටිආරච්චි කියලා කියන්නේ.

රුවන් ගැන කතා කරද්දී අපේ මතකයට එන අමතක නොවන සුන්දර රූපය තමයි ඔහුගේ ආදරණීය බිරිඳ ෂෙරිල් ඩෙකර්.

ඔන්න ඉතින් අද (ජනවාරි 06) මේ දෙන්නාගේ ආදරණීය කැදැල්ලට සුවිශේෂී දවසක්. ඒ තමයි ඔවුන් දෙදෙනාගේ 13 වැනි විවාහ සංවත්සරය අදට යෙදී තිබීම.
කලා ලෝකයේ විවාහයන් ඉක්මනින් දෙදරා යන රැල්ලක් තිබුණත්, රුවන් සහ ෂෙරිල් කියන්නේ ඒ හැමෝටම ආදර්ශයක් දෙන විදිහේ ශක්තිමත් බැඳීමක් තියෙන යුවළක්. අවුරුදු 13ක් පුරාවට හැලහැප්පීම් මැද ඔවුන් මේ ගොඩනගාගත් කැදැල්ල අදටත් ඉතාමත් සුන්දරව පවත්වාගෙන යනවා.
එයාලගේ මේ සංවත්සරය වෙනුවෙන් ෂෙරිල් ඩෙකර් මෙන්න මේ විදිහට ලස්සන සටහනක් එකතු කරලා තිබුණා.

සීත මාරුතේ
වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ
මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ
ඔබමයි ජීවිතේ මගේ…..”
අද උදෑසන සිටම කලාකරුවන් මෙන්ම රුවන්ගේ සහ ෂෙරිල්ගේ රසික රසිකාවියන් විශාල පිරිසක් සමාජ මාධ්‍ය හරහා ඔවුන්ට සුබපැතුම් එක් කරමින් ඉන්නවා. “තව තවත් අවුරුදු ගණනාවක් මේ වගේම ආදරෙන් ඉන්න ලැබෙන්න” කියලා තමයි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ
Previous article“ඒක ඇත්තටම වචනවලින් විස්තර කරන්න පුළුවන් වේදනාවක් නෙවෙයි.. මගේ ජීවිත කාලය තුළ මං අත්වින්ද බරපතලම භයානකම වේදනාව ඒක..” ඇස් අදහාගන්න බැරි සිද්ධියක් ගැන සුලෝචනා කියූ ඒ කතාව මෙන්න..
Next article”අවමන් විඳ මිය යන්නට, කාරණා යෙදූ සීතාවන් සටන අත්නොහැරියේය… ඈ තමන්ගේ නිර්දෝෂී භාවය සනාථ කළාය…”
error: Content is protected !!
Verified by MonsterInsights