ශරීර අවයව විශාල කර පෙන්වන පැපරාසීන්ට ජාන්වී දෙහි කපයි
නිළියන්ගේ ශරීරයේ විශේෂ කොටස් විශාල කර (zoom) ඡායාරූප ගන්නා පැපරාසි මාධ්‍යවේදීන්ගේ ආක්‍රමණකාර ශීලි පිළිවෙත නව පරපුරේ බොලිවුඩ් නිළියක් වන ජාන්වී කපූර් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
තමා මෑතකදී පැපරාසීන් සමඟ මේ සම්බන්ධයෙන් සෘජුවම කතා කළ බව යි ඇය පවසා ඇත්තේ. ඔවුන්ගේ ඡායාරූප ගැනීම් ඇතැම් විට වෘත්තීය සීමාව ඉක්මවා යන බව ඇය පැවසුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
👉 මම නිළියක්. මම ලස්සනට ඇඳගෙන යනවා කියන්නේ “ඕනම විදිහකට මාව රූගත කරන්න පුළුවන්කියන එක නෙවෙයි”
මේ වගේ zoom කරන වීඩියෝ හා ෆොටෝ හරහා කාන්තාවන්ගේ ශරීරය මුදලට විකිණිය හැකි භාණ්ඩයක් බවට ඔවුන් පත් කරලා තියෙනවා.
මුදල්, views සඳහා කාන්තාවන්ගේ ශරීර කොටස් highlight කරන එක ගෞරවයක් නැති වැඩක් යැයි ඇය පවසා තියෙනවා.
“ඇත්තටම මම දින කිහිපයකට පෙර පැපරාසීන් සමඟ සංවාදයක් පැවැත්වුවා. මම ඔවුන්ව පෞද්ගලිකව මුණගැසුණා, ඔවුන් සමහර විට කාන්තාවන් ඡායාරූප ගත කරන ආකාරය ගැන මම ඔවුන්ට කතා කළා.”
ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කාන්තාවකගේ ඡායාරූප ගැනීමට අනුමැතිය “Consent” කියන එක ඉතා වැදගත් බවයි.
ඇතැම් විට නිළියකට ලෙස සිය කැමැත්ත සහිතව කාමුකත්වය (sensual) නිරූපනය කිරීමට සිදුවන නමුත් අනුමැතියකින් තොරව ලිංගිකත්වය උලුප්පා දැක්වීමට කිසිදු අයිතියක් නොමැති බවයි ඇය අවධාරණය කර ඇත්තේ.
“Bheegi saree” කියන ගීතයේ මම sensual විදිහට නටලා තියෙනවා. ඒක මම මනසින්ම තීරණය කරපු දෙයක්. ඒ නිසා ඒක OK. ඒත්අනුමැතියක් නැතුව මාව sexualize කරනවා නම් ඒක මට පිළිගන්න දෙයක්” බවයි ඇය කියන්නේ.











