Home දේශිය පුවත් කවුරුත් දැනගන්න කැමති ශ්‍රී පාදයෙන් මතු වූ මාර්ගයේ ඉතිහාස කතාව මෙන්ම.

කවුරුත් දැනගන්න කැමති ශ්‍රී පාදයෙන් මතු වූ මාර්ගයේ ඉතිහාස කතාව මෙන්ම.

0
44

 

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී පාදස්ථානය වෙත යන මාර්ගයේ පස් කන්දක් කඩා වැටීමෙන් මහගිරිදඹ ප්‍රදේශයේ පැරණි යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැළක් මතුවී ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් පවසනවා.

ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් සඳහන් කළේ ශ්‍රී පාදස්ථානයට පසුගිය දිනවල ඇහැලුණු අධික වර්ෂාවත් සමග ශ්‍රි පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පසු එම කන්දේ තිබු ඉපැරණි වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට උපයෝගි කර ගත් බවට සැලකෙන යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැලක් හමු වූ බවයි.

එම මාර්ගය අඩි 20 ක පමණ දිගකින් යුත් යකඩ පඩිපෙළක් සහ අඩි 10 ක පමණ යකඩ දම්වැලක් එයට සවි කර තිබූ බවයි උන්වහන්සේ පැවසුවේ.

ශ්‍රීපාදස්ථානය බාරව කටයුතු කළ නා හිමිවරුන් වරින්වර ඒ වෙත යාමට කොන්ක්‍රීට් මාර්ගය ඉදි කර ඇති බවත් මෙලෙස මතුව ඇත්තේ එවැනි පැරණි මාර්ගයක් බවත් උන්වහන්සේ සඳහන් කරනවා.

Previous articleලෝ ප්‍රකට බාබා වැන්ගා 2025 වසරේ අවසානය ගැන කියූ අනාවැකිය හරි ගියා ද?
Next article“ඒ අයියට සල්ලි නෑ කියලා ස්ලැබ් එක දාන්න, මට කිව්වා මල්ලි වහලෙ තාවකාලිකව ගහගන්න ඕනි කියලා… මම ගහපු වහලයෙන් ජීවිත, බේරුණු එක ගැන ගොඩක් සතුටුයි” 69කගේ දිවි රැකදුන් කලාඔයේ කඩකාමරයේ වහල තැනූ “දුමින්ද අයියා” කියන කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights