Home සයුරෙන් එහා පුවත් “කෙවින්ගේ අම්මා” සදහටම සමුගනී.. ලොවක් ආදරය කළ ජනප්‍රිය නිළියක් දිවි ගමනට සමුදෙයි..

“කෙවින්ගේ අම්මා” සදහටම සමුගනී.. ලොවක් ආදරය කළ ජනප්‍රිය නිළියක් දිවි ගමනට සමුදෙයි..

0
35604

 

 

අපේ ළමා කාලයේ අමතක නොවන මතකයන් අතර රැඳුණු, ‘Home Alone’ චිත්‍රපට මාලාවේ කෙවින්ගේ මවගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ රංගන ශිල්පිනී කැතරින් ඕ’හාරා (Catherine O’Hara) අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට 71 වන වියේ පසුවූ ඇය, ඊයේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ඇගේ නිවසේදීම මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් ඇගේ මරණයට හේතුවී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

අමතක නොවන ‘කෙවින්ගේ අම්මා’ ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ‘Home Alone’ චිත්‍රපටයේ කෙවින්ව නිවසේ තනි වූ බව දැනගත් මොහොතේ ඇය දක්වන ඒ අපූරු රංගනය අදටත් කාටත් මතකයි.

නත්තල් සමය එළඹෙන සෑම මොහොතකම ඇගේ ඒ රුව ලොව පුරා රූපවාහිනී තිර මත නොවරදවාම දකින්නට ලැබුණා.

රංගන ශිල්පිනියක මෙන්ම ජනප්‍රිය විකට නිළියක ලෙසත් දශක ගණනාවක් පුරා ලොවක් හිනැස්සූ කැතරින් ඕ හාරාගේ නික්මයාම හොලිවුඩ් සිනමාවට මෙන්ම ඇයට ආදරය කළ ලෝකවාසී රසිකයන්ටත් දරාගත නොහැකි පාඩුවක්.

Previous articleදිනපතාම සුදුළූණු ඔබේ ආහාර වේලට එකතු කරගන්න – මේ දේවල් ඇහුවොත් ඔබ පුදුම වේවි..
Next articleලොකයේ වඩාත් ජනප්‍රිය වූ ඒ සිනමාපටයේ අමතක නොවන චරිතයකට පණ පෙවූ සුපිරි සිනමා තරුව ජීවිත ගමනින් සමුගනී…
error: Content is protected !!
Verified by MonsterInsights