Home ජීවිතයට යමක් දරුවෙකුගේ උගුරේ යමක් සිරවුවහොත් කළයුතු දේ හරියටම දැනගන්න..

දරුවෙකුගේ උගුරේ යමක් සිරවුවහොත් කළයුතු දේ හරියටම දැනගන්න..

0
642

හාර කැබලි සිරවීමෙන් කුඩා දරුවන් මියගිය දරුවන් ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල අසන්නට ලැබිණි.දරුවෙකුගේ උගුරේ යමක් සිරවුවහොත් දියයුතු ප්‍රථමාධාර සම්බන්ධයෙන් එලෙස මියයන දරුවන්ගේ ජීවිත රැකගැනීමේ අවස්ථාව තිබූ නමුත් බොහෝ දෙමාපියන්ට ඒ පිළිබඳ අවබෝධයක් නැත.වයස අවුරුද්දට අඩු දරුවෙකුගේ උගුරේ යමක් සිරවූ විට ඔබ කළ යුත්තේ මෙයයි.

කලබල නොවන්න
දරුවාගේ සහය ලබා ගැනීමට තමා පිළිබද විශ්වාසය තබන්න. නොසන්සුන් දරැවාගේ මුඛය තුළට ඇගිළි දමා එම දෙය ගැනීමට උත්සාහ නොකරන්න
දරුවාගේ ශරීරය තම නුපුරුදු අතට ගන්න (මුහුණ පහතට සිටින සේ) මෙහිදී හිස සහ ගෙළ අත්ලෙහි ආරක්ෂිතව රදවාගන්න.ඉන්පසු තම සුපුරුදු අතෙහි අත්ලෙහි අඩියෙන් පිට පහර 5 ක් අඛන්ඩව ලබා දෙන්න (මෙම පහරදීම් ලබා දිය යුත්තේ පිටිපස උරපතු දෙක අතරටය) මෙම පහරදීම් දීමේදී ගැස්මක් ඇතිව සිදුකළ යුතුය සිරවී ඇති දෙය ඉවත්වුනිදැයි බලන්න. සිරවී ඇති දෙය ඉවත් නොවුනේ නම් පපුව මැදට තෙරපීම් 5 ක් දෙන්න. මෙය මාරුවෙන් මාරුවට අඛන්ඩව සිදු කරන්න.

දරුවා අසාධ්‍ය තත්වයට පත්වුවහොත්
දරුවාගේ පාදයේ යටි පතුලට හෝ අතෙහි ඉහළ බාහුවට තට්ටු කර ප්‍රතිචාරය බලන්න. ප්‍රතිචාරයක් නැතිනම් හුස්ම ගන්නා මාර්ගය සකසන්න. එනම් නිකට මදක් ඔසවා නළල පහත් කරන්න. ඉන්පසු තම කම්මුල දරුවාගේ නාසය සහ මුඛය අසල තබාගෙන හුස්ම වැටෙනවාදැයි බලන අතර පපු ප්‍රදේශය උස් පහත් වේදැයි තත්පර 5 – 10 ක් පමණ බලන්න දරුවා හුස්ම ගන්නේ නැතිනම් වහාම දරුවාගේ කට සහ නාසය දෙකම තම මුඛය තුළට රුවාගනිමින් හුස්ම වාර 5 ක් ලබා දෙන්න . එක් හුස්මක් ලබා දීමට එක තත්පරයක් ගන්න.

ඉන්පසු
පපු තෙරපුම් වාර 15 ක් ලබා දෙන්න. ඇගිළි 2 ක් පපුව මධ්‍යයේ තබා සෙන්ටි මීටර් 4 ක් ගැඹුරට යන සේ තෙරපුම් ලබා දෙමින් ඉහිල් කරමින් පපු තෙරපුම් ලබා දෙන්න. ඉන්පසු හුස්ම වාර 2 කට පපු තෙරපුම් වාර 15 ක් අඛන්ඩව ක්‍රියාත්මක කරන්න. අවම තරමින් විනාඩියක්වත් මෙම ප්‍රතිජීවණය සිදුකළ පසු ආධාර ඉල්ලා සිටින්න.මෙම පිළිවෙත අඛන්ඩව ක්‍රියාත්මක කරමින් රෝහල කරා දරුවා රැගෙන යන්න.මෙමගින් අකාලයේ මිය යන දරුවන් රැකගත හැකි බව තරයේ සිහි තබා ගන්න..

(මා ඔබේ කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා

Previous articleසෞඛ්‍යසම්පන්න එකතු වීමකදී මේ දේවල් අනිවාර්යයෙන් කරන්න පුරුදු වෙන්න…
Next articleගැස්ට්‍රයිටීස් නිසා ඇතිවන අසහනය සමනයට උපකාරී මී පැණි සහ පිපිඤ්ඤා ස්වභාවික පානය ගැන ඔබ දන්නවද…
error: Content is protected !!
Verified by MonsterInsights